IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කතුන්ට නොවැම්බරයේ බස් රියැදුරු වරම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අරඹමිනි.

කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානය වන විට බඳවා ගන්නවා. ඒ වගේම මෙට්රෝ බස් සේවය අප පටන් ගන්නවා.බස් ටිකට් එකෙන් මාටියා ගැසීම ප්‍රසිද්ධ දෙයක්.ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක්  හැදීමේ ඉල්ලීම තිබුනා.නොවැම්බර් 30 වන විට දැනට තිබෙන බස් ටිකට් මැෂින් වලින් බැංකු කාඩ් මගින්  ගෙවීම් කරන්නට පහසුකම් ලබා දෙනවා.තවමත් පොදු මගී ප්‍රවාහනය තියෙන්නේ නරක තත්ත්වයේ.එය විසඳන්න සැමගේ උදව්ව ලබා දෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (5)

කතුන්ට නොවැම්බරයේ බස් රියැදුරු වරම්

nirmal Wednesday, 08 October 2025 01:40 PM

මෝඩ වැඩ. ටර්න් එක එනකල් කොහේ හරි අස්සක මුල්ලක බස් එක ගාල් කරගෙන ඉන්න ඕන. කාන්තා රියදුරන්ට කොන්දොස්තරලට ඒවගේ තැන්වල ඉන්න පුලුවන්ද ?

:       0       0

de silva berlin Wednesday, 08 October 2025 01:49 PM

යුරෝපේ රටවලත් කාන්තාවෝ බස් පදවනවා කිසිම ප්‍රශ්නයක් නැහැ , ඉදිරියට එන මගී බස්වල ඔටෝ ගියර් , පවර් ස්ටියරින්, වැනි උපාංග තිබෙන නිසා මේක කරන්න පුළුවන් , කාන්තාවෝ වගකීමෙන් යුතුව මත්ද්‍රව්‍ය මත්පැන් පානයෙන් තොරව බස් රථ පදවාවී , අනතුරු අඩු වේවි , හොඳ දෙයක් , කාර්ඩ් මගින් ගෙවීම් කරන පුළුවන් එක හොඳ ප්‍රවනත්වයක් , මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල ටැක්සි මීටර් සවිකොට , අලුතෙන් මගී ප්‍රවහන් සේවයට එකතුවන ත්‍රිරෝද රථ වලට විශේෂ වර්ණයක් සහ රියදුරාට අංකයක් ලබාදීමත් කරන්න ඕනේ දැනට මගී ප්‍රවාහන කටයුතු කරන ත්‍රිරෝද රථ වලටත් එම වර්ණය ලබාදෙන බොඩි රැප් ස්ටිකර් අලවන්න නියම කරන්න. ලංකාවට පුද්ගලික වාහන ආනයන කිරීමේදී අයකරන විශාල බදු මුදල් කෙලින්ම පොදු ප්‍රවාහනය දියුණු කරන්න යොදවන්න. රටක් දියුණු කරන්න නම් අනිවාර්යයෙන් පොදු ප්‍රවාහන සේවය දියුණු වෙන්න ඕනේ .

:       1       0

RANTHA Wednesday, 08 October 2025 01:54 PM

බැංකු කාඩ්පත් ක්‍රමයට වඩා වෙනත් කාඩ් ක්‍රමයක් යොදා ගත්තොත් හොදයි. එම කාඩ් එක රීලෝඩ් කරන්න හදන්න. තව දෙයක් තමයි බස් ප්‍රමුඛතා තීරුවක් දාලා අධික්ෂණයට ත්‍රිවිධ හමුදාව කිසියම් කාලයකට යොදා ගන්න එක. නිකම්ම මේ ට්‍රැෆික් අඩු කරන්න පුලුවන්

:       0       0

සමන් - ඕමානය Wednesday, 08 October 2025 09:54 PM

දෙයියන්නේ පිහිටයි, ක්ලච් එකයි බ්‍රේක් එකයි හරියට උගන්නලා ඉන්න. නැත්නම් පටලවාගනියි.

:       1       0

maalaka Thursday, 09 October 2025 06:26 AM

සතුටුයි. දැන්වත් අපේ රට නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම වැදගත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site