
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට කෝප් කමිටුවේ විමර්ශනයකදී අගතියක් සහ අපහාසයක් සිදු වී යැයි සඳහන් වරප්‍රසාද ප්‍රශ්නය විභාග කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට තීරණය කර ඇත.
මේ අනුව මේ කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමට කෝප් කමිටුවේ සාමාජිකයන් ඉදිරි දිනවල එම කමිටුව හමුවට කැඳවෙනු ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය 2025 ජුලි 22 ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය යටතේ පාර්ලිමේන්තුවේදී මතුකළ කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය.
මහනුවර හන්තානවත්තේ අක්කර හතළිස් තුනක ඉඩමක් නීති විරෝධීව පවරාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී වැරදි තොරතුරක් සාකච්ඡා කිරීම සහ එම කරුණු මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් තමාට අපහාසයක් සිදුවී යැයි මන්ත්‍රීනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් ප්‍රකාශ කළාය.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඇය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චමින්ද්‍රාණිගේ පැමිණිල්ලට ’’කෝප්’’ වරප්‍රසාද කමිටුවට
කෞෂි Wednesday, 08 October 2025 01:09 PM
හොරකම හොඳයි, ඒ ගැන කතාකිරීම හිරේ යන තරමට නරකයි. තවමත් මේ අය රට පාලනය කරන්න ඉල්ලනවා. මෙයාට ඡන්දෙ දුන්න අයට පිස්සු!
tissaWednesday, 08 October 2025 04:38 PM
මේක ඇත්තටම "හොරකමක්ද" නැත්නම් නිකම් "කටකතාවක්ද"?
කව්ද බෝයි Wednesday, 08 October 2025 02:58 PM
ඔක්කෝටම ඉස්සෙල්ලා ඔය මන්ත්‍රී වරප්‍රසාද කියන එක අයින්කරලා ඉන්න ඕන. රටේ ජනතාවට නැති වරප්‍රසාද, ජනතා බදුමුදල් වලින් වැජඹෙන හොරුන්ට මොකටද?
maalaka Thursday, 09 October 2025 06:29 AM
මේගොල්ලෝ හැමදාම "වරප්‍රසාද" වලින් වැජඹෙන මිනිස්සු. අධිකරණයට යන්න කලින් වීදුරුගෙවල් වල ඉන්න අය නොකළ යුතු මොනවාද කියලා මතක් කරගන්න.