
(අංජුල මහික වීරරත්න)
නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම මෙරට ආර්ථිකයේ දියුණුව සඳහා ස්වීඩනය ඉතිහාසය පුරා කර ඇති මැදිහත්වීමි හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජන පිළිබඳව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යරයා සිහිපත් කළ අතර, ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද දැනුවත් කළේය.
එමෙන් ම මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ද සාකච්ඡා සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යාම, ළමා පෝෂණය සහ පෝෂණ ඌණතා, පාසල් සිසුන් අතර පෝෂණ තත්ත්වය සහ අභියෝග, වයස්ගත ජනගහණ අභියෝග, මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල පිළිබඳව මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුව ඇමැති - ස්වීඩන් තානාපති හමුවක්