
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රීඩා උත්තේජක පනත සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ එකඟත්වය පළ කරනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ වෙඩි නොවදින රථය නැවත ලබාදීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිවරයා කතා කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධයකින් යුද්ධය අවසන් කළ ලෝකයේ එකම නායකයා.මේ නායකයාට තිබෙන අනතුර ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.එතුමා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට බෑ.
මේ පනත් කෙටුම්පත ගෙනෙන්න පරක්කු වීම නිසා රටට අහිමි වූ දේවල් වල වගකීමත් රජය විසින් බාරගත යුතුයි.අද ක්‍රීඩා උපකරණ මිල ගණන් නිසා පාසල් ක්‍රීඩකයන් මෙන්ම වෙනත් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා.රුපියල් 5000ට තිබූ වොලිබෝලය අද රුපියල් දොළොස්දාහයි. ක්‍රීඩාවට යොමු වන කුඩා දරුවාට අද ක්‍රීඩාවේ රැඳී සිටින්නට බැරි තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා ක්‍රීඩා භාණ්ඩ වලට ගැසූ බදු මුදල් ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිනිහා කෞතුක වස්තුවක්ද, මිනිසුන්ට නම් රට කාපු ගල් හොරෙක්...
දැන් මෙයා කියන විදියට දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් පරාජය කෙරුවෙත් මහින්ද වෙන්න ඇති, පව් අප්පා මොන්ටිසෝරි යන්න ඕනෑ අත දරුවන් පාර්ලිමේන්තු යැව්වාම වෙන විපත් මේවා...!
රැකීම වගකීමක් බව ඇත්ත වුණත් මහින්ද රාජපක්ෂ කියන නමටත් මේ ආණ්ඩුව බයයි. දන්න සෙල්ලම් ඔක්කෝම දාලා, නැති චෝදනා එල්ල කරලා, බොරු වපුරලා, මැරිච්චි මිනිස්සුත් නැගිට්ටලා, තමන්ගෙම සපෝටර්ලා ගෙනා කුඩු කන්ටේනර් මහින්ද මහත්තයාගේ කර පිටට දාලාත් එතුමාට තිබෙන මහජන ගෞරවය අකාමකා දාන්න බැරිවීමේ දුක අනුර ප්‍රමුඛ මාලිමා රෑනට අඩු නැතුව තියෙනවා. එක අතකට පව් ඉතිං මාලිමාවෝ සහ ඔවුන්ගේ සේදුම් බලකාය...
දැන් ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය මහින්ද ආරක්ෂා කිරීමේ වගකීම. හොඳ සටන් පාඨයක් ඉදිරි ප්‍රාදේශීය ඡන්දෙ දිනන්න...
බලෙන් ජනාධිපති කෙරුවේ නැහැ ජනතාව. රජවුනේ හොදසැප දීලා වැටුපකුත් ගත්තා... තමුන්ට යුද්ධයක් වේලාවේ රට කරන්න බැරි නම් අයින් වෙන්න ඕනෑ. එයා අණ දුන්නෙත් නැහැ. සටන් වැදුනෙත් නැහැ. එයා හිටපු කාලේ යුද්දෙ නතර වුණා. සොල්දාදුවන්ට බයේ ප්‍රභාකරන්ගේ. ගෙනාපු ආයුෂ ඉවර වුණා. එයා මැරුණා. දැන් ඒක පිටින් දාලා මයිනා කරපු හොරකම් මිනිමැරුම්. වහන්න හදනවා. ගොබ්බ රෑනක් ඉන්නේ. ලෝකයේ හැම ජනාධිපතිගේ වගකීම රට ආරාක්ෂා කිරීම මිසක්. රටට සුද්දයක් දෙන්න නෙමේ. පවුලේ අය එකතු වෙලා නාකිමයිනාගේ පරම්පරාව කරපු දේවල් වලට... මොවුන්ව. එල්ලුම් ගස් අරින්න ඕනෑ...
තක්කඩියෙක් ආරක්ෂා කරන්න මහජන මුදල් වියදම් කරන එකම රට ලංකාව වෙන්න ඇති.
රාජපක්සල විකිනීමෙන් තමා මේ ආණ්ඩුව තාම දුවන්නේ ඊට පස්සේ කවුද විකුනන්ද යන්නේ
ඇයි ඔය කිරි හට්ටි උස්සගෙන ආපු බයියන්ටම කියන්න බැරිද ඇවිල්ලා මාරුවෙන් මාරුවට ලොක්කාව ගාඩ් කරන්න කියලා..
ජවිපෙ එවුන් ඊයේ පෙරෙයිදා ඉපදිච්චි තොත්ත බබ්බුද? 88/89 හැට දාහක් මරණ වලට වගකිවයුතුයි. 71/72 තිස්දාහක් මරණ වලට වගකිවයුතුයි. දේපල හානිය සඳහා වගකිවයුතුයි. ඉන් පසුවත් වර්ජන නිසා අහිමිවුණු ජීවිත් දේපල විනාශය වෙනුවෙන් වගකිව යුතුයි. එත් ඒ කිසිදෙයක් දන්නේ නැහැ වගේ ඉන්නා ගමන් රටට වැඩක් කල මිනිසුන්ට ඇඟිල්ල දික් කරලා හොරා කියනවා. අපිට නම් මේවා මහ විහිලු.