
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර ඇතැයි ඔහු කීවේය.
පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බව කී මන්ත්‍රීවරයා මොකක්ද මේ අද කරන්නේ යයිද විමසා සිටියේය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා
මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කරමු.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න බැහැ. පඹේක් කරගන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ පොදු විරෝධතාවය පළ කරනවා.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕ අයි සීලා තිහක් හිතුමතේ මාරු කරලා
අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 10:41 AM
මෙයා හැමදාම උදේට මොනවා හරි කියලා ඤං පචං ගානවා, මිනිහා හිතාගෙන ඉන්නවා ඇත්තේ මිනිහට ඕන විදිහට රට පාලනය කරන්න අපි ආණ්ඩුවක් පත්කර ගත්තා කියලා වෙන්න ඇති...
වත්සි Wednesday, 08 October 2025 11:12 AM
පරණ වයින්ම තමයි. බෝතලේ විතරයි අලුත්. විරුද්ධවාදීන් දඩයමට පහසු වෙන්න තමන්ගේ හෙංචයියෝ දාගන්නවා. බීලා වාහන හප්ප ගත්ත මහත්තයා පොලිස් අමාත්‍යංශයේ ලේකම්. එකම සුදුසුකම තමුන්ගේ දේශපාලන වේදිකාවේ සිටීම. රහස් පොලිසියත් දුන්නේ දේශපාලන හිතවත්කමට... පරණ සෙල්ලම අලුත් වටයකින්... නමුත් පරණ අයට අඩු තරමේ මේ අයට වඩා ලැජ්ජාවක් බයක් තිබුණා. මුන්දැලාට ඒවත් නෑ...
ගුණරත්න Wednesday, 08 October 2025 11:27 AM
නියෝජ්‍ය පොලිස්පතිලා එහෙමත් මාරු කළා, මත්ද්‍රව්‍ය වැටලීම් කරද්දී එහෙම මාරුවීමක් කලේ ආණ්ඩුවට සම්බන්ධ අයෙක් ඇල්ලුවාට පස්සේ...
sanath Wednesday, 08 October 2025 11:59 AM
පාස්පෝර්ට් , හැදුනුම්පත් කන්තෝරු වල පෝලිම් එකම ගොඩනැගිල්ලේ තිබෙන කන්තෝරු දෙක ලින්ක් කරලා නැහැ එක නිසා පාතාල කාරයන්ට හොර පාස්පෝර්ට් හදන්න පුළුවන් , නිලධාරීන්ට පගාව ගන්න පුළුවන් ,පාස්පෝර්ට් ගන්න එන මිනිස්සු රස්තියාදු වෙනවා පොලිසිය අවුල් වැනි දේවල් කියමින් විපක්ෂේ නිතරම චෝදනා කරන්නේ ආනන්ද විජේපාල මහත්මයට ඔහු වැඩ කරන්නේ නැහැ කියල , දැන් පොලිස් කාරයෝ ටිකක් මාරු කරහම එකටත් බනිනවා , වැරදිලාවත් ආනන්ද මහත්තයා පාස්පෝර්ට් / ජාතික හැදුනුම්පත් කන්තෝරු දෙක ලින්ක් කරලා , ඔය කන්තෝරු දෙකේ අල්ලස් ප්‍රශ්නේ විසදුවොත් නිලදාරී වැඩ වර්ජන කරන්න පටන් ගතහොත් එකටත් අනිවාර්යයෙන් විපක්ෂේ විජේපාල මහත්මයට බනිවි , මේ පොලිස් නිලධාරීන් ,අල්ලස් දුෂණ කරන රජයේ නිලධාරීන් පත්කරගෙන තිබෙන්නේ රාජපක්ෂලාගේ කලේ මිසක් , මාලිමා ආණ්ඩුව යටතේ නොවන බව කරුණාවෙන් සලකන්න ,
Perera Wednesday, 08 October 2025 12:23 PM
රිලාසිරි ආයෙත් පාරක් වලිගේ පාගාගෙන මොර දෙනවා වගේ...
මාලිමා පෙන්දා Wednesday, 08 October 2025 12:28 PM
ඒක දේශපාලනීකරණය නොවෙයි. මාලිමාකරණය...