IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කර්මාන්ත අමාත්‍යාංශයෙන් භාණ්ඩාගාරයට කෝටි 75ක්

(යොහාන් භාසුර)

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපාරවලින් ලැබූ රුපියල් මිලියන 757.4 ක් හෙවත් රුපියල් කෝටි 75 කට අධික ලාභාංශ භාණ්ඩාගාරයට භාරදුන්නේය.

මෙම ආයතනය භාණ්ඩාගාරයට වසර 14 කට පසු ලාභාංශ යොමු කිරීම මෙහිදී කැපී පෙනේ.

මෙම රුපියල් කෝටි 75 කට අධික මුදල අර්ධ වාර්ෂික ලාභාංශයකින් යොමුකළ අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් ප්‍රතිපාදන දීමට හැකියාව පවතින බව ද එම අමාත්‍යංශය කීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, බීසීසී ලංකා ලිමිටඩ් ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලැබූ ලාභාංශවලින් කොටසක් මෙසේ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහත්වරුන්ට නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී දුන්හ.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක මුදලක් පසුගිය මාස 9 කාලයේදී ලැබූ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට දුන් අතර මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල කෝටි 500 ක ආදායම් ඉලක්කයකට යෑමට උත්සාහ කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

බීසීසී ලංකා ලිමිටඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති එච්. ඒ. ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා රුපියල් මිලියන 50ක් හෙවත් රුපියල් කෝටි 5 ක් ආයතනයේ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට දුන් අතර එහි විශේෂත්වය වන්නේ බීසීසී ආයතනය දිගින් දිගටම පාඩු ලැබීමෙන් ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය. එලෙසින් මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ මහතා රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10ක ලාභාංශ භාණ්ඩාගාරයට යොමුකළ අතර වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ උපරිම තලයකට රැගෙන සමත් වී ඇත. මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවයි.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එහි සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා සහභාගි වූ අතර ඒ මහතා ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් හෙවත් රුපියල් කෝටි 10ක් භාණ්ඩාගාරයට යොමු කරන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළේය.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති පී. වී. ඒ. හේමලාල් මහතා මෙම අවස්ථාවට සහභාගි වූ අතර ඒ මහතා රුපියල් මිලියන 7.4 ක් හෙවත් රුපියල් ලක්ෂ 74 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර යොමුකර තිබුණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යනන මහත්වරු, එම අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ නිලධාරීහූ එක්ව සිටියහ.



අදහස් (0)

කර්මාන්ත අමාත්‍යාංශයෙන් භාණ්ඩාගාරයට කෝටි 75ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site