
(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් මෙලෙස භාණ්ඩාගාරයට භාරදී ඇත.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම භාරදීම සිදුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඔය රාජ්‍ය ආයතන අමාත්‍යාංශවලින් විශ්‍රාම යන නිළධාරින්ට බළධාරිකම්/තනතුරු දුන්නා මිසක් කිසිම දියුණුවක් වුනේ නෑ
මේවා ලාභ වෙන්නේ ලාභ නැතුව වේලෙන ආණ්ඩුවකට විතරයි. නැත්නම් මේවා මීට කලින් මීට වඩා ලාභ උපයලා ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරලා තියෙනවා. පිටරටින් ලුණු ගෙනෙද්දී ජාතික ලුණු සමාගම ලාභ ලැබුවා කියන එක නම් විස්වාස කරන්න අමාරුයි.
අපි බලාපොරොත්තු වුන වෙනස...