
(මනෝප්‍රිය ගුණසේකර රන්ජන් කටුගම්පල)
2011 වසරේදී තංගල්ල කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස මරණ දඬුවම තහවුරු කරනු ලැබුවේ ජී.ජී අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
ජී.ජී අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
තංගල්ල කටුවන ප්‍රදේශයේ 2011 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදි එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල කරන ලදැයි චෝදනා කරමින් නීතීපතිවරයා විත්තිකරුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබු අතර නඩු විභාගයෙන් පසු 2024 නොවැම්බර් 20 වැනිදා චෝදනාවන්ට විත්තිකාර ජුලම්පිටියේ අමරේ නැමැත්තා වරදකරු කරමින් ඔහුට මරණ දඩුවම පැණවීය.
තංගල්ල මහාධිකරණයේ තීන්දුවෙන් තමන් අගතියට පත්වී ඇතැයි සඳහන් කරමින් ජුලම්පිටිය අමරේ නැමැත්තා ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමෙන් පසු ජුලම්පිටිය අමරේ නැමැත්තා විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
විශේෂ අභියාචන පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අමරේට තංගල්ලෙන් දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
C.K.Lankaputhra Tuesday, 07 October 2025 04:57 PM
දැන් ඉතින් කඳුලු හලන්න වෙන්නේ තනියම. දැන් ඒ කට්ටිය එන්නේ නෑ අත්තනට කදුලු හලන්න. උඹලට අපි කිව්වැය අහුවෙන්න වෙඩි තියන්න කියලා. වැඩිම වුනොත් ඔවුන් එහෙම කියයි...
මංබයියාTuesday, 07 October 2025 06:24 PM
රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා. නීතිය වල්වැදිලා. කැලෑ නීතිය රජකරනවා. අපි හිරේ යනවා. වහාම විරුද්ධ පක්ෂ නැවත එකතුවෙමු. මහ ජනගඟක් කොලඹට ගේමු!
පොඩිඑකාTuesday, 07 October 2025 08:33 PM
ඒ ගොල්ලො මෙහෙමත් කියයි. “ තෝ හිරේ ඉදගෙන නඩුවකට හරි අපිට විරැද්ධව සාක්කි දුන්නොත් හිරේ ඇතුලෙදිම අපි ඉවර කරනවා.”
Wimale Tuesday, 07 October 2025 09:33 PM
අමරේ වෙනුවෙන් ගොම්මන්පිල පෙනීහිටිය නම් අමරේට දිනන්න තිබුන.
පිටිගල මිලානෝ Tuesday, 07 October 2025 10:50 PM
අමරේ මම ආවා….. දැන් සැපද….?
Laki Tuesday, 07 October 2025 11:09 PM
කොහොමත් ඌ දැන් වසර 11 ක්ම ඇතුලෙ ඉඳලනෙ. තව අවුරුදු 6.7ක් හිටියාම යහපත් කල්ක්‍රියාවෙන් හිටියා කියලා ගෙදර ගියෑකි.