
(රෝෂන් තුෂාර)
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි.
කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ විමර්ශනයේ දෙවන සැකකාරිය වන අතිරේක ලේකම්වරිය රාජපක්ෂ මහතාට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා සමග ඩීල් දැමු හා ගේම් ගැහුව රාජ්‍ය සේවයේ සියල්ලෝම දැන් ලැහැස්ති වෙයල්ලා වැලිකඩ යන්න. දැන් සජබ හොරු වැලපෙයි රාජ්‍ය සේවකයින් මර්ධනය කරනවා කියලා... ඒවා නම් රටට අදාලම නැහැ.
ඒක ගිනිබත් කරපු අරගල කරුවන් දැන් පාර්ලිමේන්තුවේ නේද? දන්නෙ නැති නිසා ඇහුවේ...
අනේ අම්මපා රජාපක්ෂලගේ තරම රජයේ දේපලවලටත් වන්දි අරගෙන, මුන් 2006 ඉඳන් තව කොච්චර මහජන මුදල් දේපල කොල්ල කාලා ඇද්ද ? වහාම මුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය හොරු හිරේ දාන්න මිසක හාල් පොල් ලාබෙට කන්න බලන් නොවේ
මාලිමා පෙන්දා යන නම අශූචි ශෝධකයා ලෙස සංශෝධනය විය යුතුයි.
ඉතිං බං පෙන්දෝ, ඒවා ගිනි තියපු එවුනුත්, ඉන්න තැනුයි දන්නවානං, පසුගිය කාලේ බලයේ හිටපු පළපුරුදු කට්ටියට තිබුණානේ ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් කරලා, ඒවාට වන්දි අයකර ගන්න. බලයේ හිටපු පළපුරුදු එවුන්ට එහෙම කරන්න ඇබිත්තක්වත් මොළය නොතිබුණාට, රජයේ දේපළවලට වෙච්චි හානිවලට අයිති වන්දි තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමට දාගන්න නියමලේ ඉඳන්ම මොළය තියෙනවා...
තව නොදන්න දේවල් ගොඩක් තියෙනවා පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...
රාජපක්ෂලාට අහුවුන එකෙක් වත් යහතින් ගියේ නෑ…
රාඡපක්ශ නම ගෑවුන සෑම කෙනෙක්ම සුපිරි ගේම් කාරයින් ඒ වාගේම ආර්ථික ඝාථකයින්.
බොහොම හොදයි. හොරුන්ගේ සහ හෙරයන්ගේ රෙදි ගැලවීගෙන යනවිට මොවුන් කෙදිරිගානවා. AKD කිව්වනේ. හොරු අල්ලනකොට කෙදිරි ගාන්න එපා කියලා. මහ හොරාට පන්දම් ඇල්ලුවා නම් දැන් ඉතින්, මහ හොරා ළගට ගිහින් කෙදිරි ගාන්න.
අල්ලස් කොමිසමෙන් නම් ඉතින් ආයෙ ඇප හම්බෙන්නෙ නෑ. මොකද කොමිසමේ ලොක්කා මාලිමාවෙ හිටපු නීති උපදේශකයෙක්නේ. ඒ කියන්නේ මාලිමා ගොට්ටෙක් තමයි අල්ලස් කොමිසමේ ලොක්ක කරල තියෙන්නෙ. අපි නෙමෙයි කියන්නේ ජවිපෙ හිටපු අය. ඒක ඇත්තනේ. ලොක්කා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒක පිලිගත්තනේ.
නූගත් ගම් බයියෝ නම් උන්ගේ නූගත් කම සහ උපන් ගෙයි මෝඩ කමට නෝන්ජල් කමට රාජපක්ෂලා පස්සේ යනවා කියල කිව්වැකි. ඔය බස් වල නැගගෙන ගිහින් වලව් අගුවල රැස් වෙලා පස්සේ එක එකා ඇතුලට ගිහින් වැඳ පුදාගෙන නමස්කාර කරගෙන දෙන මොන මොනවා හරි ටිකක් කාගෙන බීගෙන පස්ස දොරෙන් එලියට යනවා පහුගිය කාලේ නිවුස් වලට පෙන්නුවේ එහෙමත්. වැඩේ තියෙන්නේ මේ යමක් කමක් තේරෙන උන් ටිකකුත් ඉන්නවනේ රාජපක්සල පස්සේ යන. පේනවනේ මේ සමහර කමෙන්ට්ස් දිහා බැලුවහම. රාජපක්සල හොරු කියාලා සහ සුද්දෙන් ඇස් පනාපිට ඔප්පුවෙලා තිබ්බත් උන්ට නිකම් මොකද්ද වගේ ඇත්ත පිළිගන්න.
පව්ල් පාලන ආණ්ඩුව කාලේ රාජපක්ෂලා එකාට එකා හොරකම්, වන්චා, දූෂණ කරපු හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිරේ වැටුණාට පස්සේ ඒ කවුරුවත් බලන්ඩවත් ආවේ නැහැනේ....