
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට තීරණය කර තිබේ.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් මෙම දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.
ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ 07, පදනම් ආයතනයේදී අද (07) පැවැත්විණි.
මහ නගර සභා කොමසාරිස්වරු නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ සඳහා සහභාගී වූහ.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ, නිමල් ආර් රණවක රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තිලක් නන්දන හෙට්ටි ආරච්චි මහත්වරු මෙහි දෙසුම් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd