
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට තංගල්ලේ කාල්ටන් නිවසට අද පැමිණියේය
හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට බොහෝ දේශපාලඥයන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාට ආදරය කරන ජනතාව කාල්ටන් නිවසට දිනපතා පැමිණෙමින් සිටිති.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්භක සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්වී තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියේය.
මෙහිදී අදහස් දැක්වූ මහින්ද මහින්ද අමරවීර මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ යුගයක් නිර්මාණය කළ නායකයකු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු එකතු වෙන්නේ තවත් කුණුවලට
මහින්දයා කියන්නේ බලලෝලි බඩගෝස්තරවාදියෙක්.මහින්ද ච්න්තනය 1, 2,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,තාරුණ්‍යයට හෙටක් ,ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලය අරන් ,අන්තිමට පවුලේ උන්ව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාශ කරපු හැටි ගැන ලෝකෙම දන්නවා .සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මහින්දයා කියන්නේ දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් නිර්මාණය කරපු කෙනෙක් ? ඒ අතින් නම් ඉතිහාස ගතවෙලා.
ඇත්ත, මහින්ද රාජපක්ෂ ලංකාවේ යුගයක් බිහිකළා. ඒ අපරාධකාරී අතිශයින් දුෂිත පාදඩ යුගයක්. ඒ දුෂිත පාලනය රට බංකොලොත් කළා.
ගහපු කෝටි ගණන් සල්ලි වලින් රාජගිරියේ එක ළග සුඛෝපබෝගි ගෙවල් දෙකක් අරගෙන, එකක් කෝටි 20ක්වත් වෙයි. අල්ලස් කොමිසමට මෙය දන්වනවා කිව්වා.. මේ තොරතුරු දුන්නු අය...
යන කොට හිස් අතින්ද ගියේ. රට තණකොල මිටියක්වත් අරගෙන ගියේ නැද්ද?
මොකද දන්නෙ නෑ, මෙච්චර පරක්කු වුනේ? ගොඩක් දුර වෙන්න ඇති
දෙතිස් වසරක් පැවති යුද්දය වවන් කාපු අපෙ මහ රජානනී.
මහින්ද යුගයක් බිහිකරපු බවක් පේන්නෙ නැහැනේ.
එක පක්ෂේ වුනත් බලේ තිබෙන කාලේ රාජපක්ෂ පවුල නිතරම බැලුවේ මහින්ද අමරවිරව පාගලා දමන්න. විරුද්ධ පක්ෂේ වුණත් අමරවීර විරුද්ධ වාදියෙක් වන දිලිප් වෙදාරචිට මහින්ද මහත්මය උදවු කළා... නමුත් එක කුලයක මිනිස්සු අමරවිරට අනිවාර්යයෙන් ඡන්දෙ දෙන නිසා ඔවුන්ට බැරිවුණා අමරවිරගේ දේශපාලනේ සම්පූර්ණයෙන් වඳ කරලා දමන්න... ඒක නිසා අමරවීර රාජපක්ෂලාට එච්චර කැමැති නැහැ , මාධ්‍ය ඉදිරියේ මේ ගොල්ල උඩින් මිතුරු කමක් පෙන්නුවාට යටින් විශාල සතුරු කමක් තිබෙන බව දන්නෝ දනිති .
මේ දෙන්නාම සුදු චරිත නොවේ උඩින් මිතුරුකම පෙන්වූවාට යටින්නේ වෛරයක් මේ දෙන්න අතරේ තිබෙනවා...