සැබෑ නිදහස යනු පීඩනයෙන් තොරව ජීවත්වීමේ අයිතියයි
සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම බවත් එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේදී වාර්ගික, ආගමික, කුල, ගෝත්ර, ස්ත්රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇතර එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නීය.