IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මනම්පේරි මගේ ලේකම් කෙනෙක් නෙමෙයි

(අංජුල මහික වීරරත්න)

සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) පැවැසීය.

එවැනි බොරු ප්‍රකාශ කරමින් මඩ ප්‍රහාර  දෙන කණ්ඩායමට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවද  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

 ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සව අවස්ථාවේ පාක්ෂිකයින් අමතමිනි.

“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියා ගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි"

“මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න.  අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා.  ඒ නිසා නීති මගින් ගන්න පුලුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදිම  කටයුතු කරනවා යනුවෙන් ද  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පැවසුවේය.

 



අදහස් (7)

මනම්පේරි මගේ ලේකම් කෙනෙක් නෙමෙයි

පොඩිඑකා Sunday, 05 October 2025 03:41 PM

එහෙනං ඔහෙගෙ පොරක් කියල කියන්නද?

:       4       48

ලොක්ක Sunday, 05 October 2025 03:55 PM

කියව කියව ඉන්නෙ නැතිව නඩු දාන්න, බොරු වොයිස් කට් රටටම එපාවෙල තියෙන්නෙ, යන්න නඩුදාන්න

:       3       44

C.K.Lankaputhra Sunday, 05 October 2025 04:26 PM

ලේකම් කෙනෙක් නොවුනත් ඔහෙට පන දෙන්ඩ උනත් වටින කෙනෙක්. නේද ? එහෙමනෙ කිව්වෙ.

:       3       46

AK Sunday, 05 October 2025 06:11 PM

මනම්පේරි ඔබගේ ලේකම් කෙනෙක් වසයෙන් නොසිටි බව දේශපාලන වේදිකාවේදී හෝ මාධ්‍යයට පැවසීමෙන් පලක් නොවේ. ලේකම් කෙනෙක් වසයෙන් නොසිටි අදිකරණයට පවසන්න

:       3       37

Chathuri Sunday, 05 October 2025 06:21 PM

මේ ගොල්ලො බොරුනෙ කියන්නෙ. මගෙ ලෙකම්වරියක් ඉන්නෙ ප්‍රසිද්ධ. ගායිකාව. එයාගෙ පුතාව දැක්කම දන්නවා මම බොරුනෙමෙ කියන්නෙ කියලා

:       4       29

පොඩිඑකාMonday, 06 October 2025 02:32 AM

චතුරි, එයා ලේකම් වරියක් නෙවෙයි...

:       0       0

ගමයා Monday, 06 October 2025 05:17 AM

මැනම්පේරිගේ අත දිග කාලේ හොඳ හාදයා. හිරේ ගිහින් අත කොට වුණාම 'හූ ඊස් මනම්පේරි?"

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site