
(අංජුල මහික වීරරත්න)
සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) පැවැසීය.
එවැනි බොරු ප්‍රකාශ කරමින් මඩ ප්‍රහාර දෙන කණ්ඩායමට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සව අවස්ථාවේ පාක්ෂිකයින් අමතමිනි.
“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියා ගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි"
“මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා. ඒ නිසා නීති මගින් ගන්න පුලුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදිම කටයුතු කරනවා යනුවෙන් ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනං ඔහෙගෙ පොරක් කියල කියන්නද?
කියව කියව ඉන්නෙ නැතිව නඩු දාන්න, බොරු වොයිස් කට් රටටම එපාවෙල තියෙන්නෙ, යන්න නඩුදාන්න
ලේකම් කෙනෙක් නොවුනත් ඔහෙට පන දෙන්ඩ උනත් වටින කෙනෙක්. නේද ? එහෙමනෙ කිව්වෙ.
මනම්පේරි ඔබගේ ලේකම් කෙනෙක් වසයෙන් නොසිටි බව දේශපාලන වේදිකාවේදී හෝ මාධ්‍යයට පැවසීමෙන් පලක් නොවේ. ලේකම් කෙනෙක් වසයෙන් නොසිටි අදිකරණයට පවසන්න
මේ ගොල්ලො බොරුනෙ කියන්නෙ. මගෙ ලෙකම්වරියක් ඉන්නෙ ප්‍රසිද්ධ. ගායිකාව. එයාගෙ පුතාව දැක්කම දන්නවා මම බොරුනෙමෙ කියන්නෙ කියලා
මැනම්පේරිගේ අත දිග කාලේ හොඳ හාදයා. හිරේ ගිහින් අත කොට වුණාම 'හූ ඊස් මනම්පේරි?"