IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙරට ඉපදිමත් අඩු වෙලා

(ගයාන් සූරියආරච්චි)

2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 2024 වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වශයෙන් 846 ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

2020 වසරේ උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් 2024 වසරේ උපත් සංඛ්‍යාව 220,761 කි. 2021 වසරේ උපත් 284,848 ක්ද, 2022 වසරේ 275,321 ක්ද, 2023 වසරේ 247,900 ක්ද ලෙස උපත් සංඛ්‍යාව වාර්තාවී තිබුණි.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාවද සැලකියයුතු පරිදි වැඩිවී ඇත.

ඒ අනුව 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,371 ක්ද, 2021 වසරේ මරණ 163,936 ක්ද, 2022 වසරේ මරණ 179,792 ක්ද, 2023 වසරේ මරණ 181,239 ක්ද, 2024 වසරේ මරණ 171,194 ක්ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහවීමේ සංඛ්‍යාව 12,066 කින් අඩුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

 



අදහස් (6)

මෙරට ඉපදිමත් අඩු වෙලා

Achi Monday, 06 October 2025 08:41 AM

ගෝඨාභය කිව්වා ඉදිරි අවුරුදු 5 යනකම් ළමයි හදන්න එපා කියලා, ඒ නිසා මිනිස්සු කීකරු වෙනවා.... ඒක උපදෙසක්...

:       29       1

Lucky Monday, 06 October 2025 08:42 AM

විවාහ වීම, දරු උපත් සහ රටක ආර්ථිකය අතර තියෙන්නේ සෘජු සබඳතාවයක්. 2020 - 2023 කාලයේ අපේ රට ආර්ථික වශයෙන් හොඳටම බැට කෑවා. 2020 - 2021 කොරෝනා වසංගතය නිසාත්, 2022 - 2023 ආර්ථිකය කඩා වැටීම නිසාත් රටේ බහුතර ජනතාවකගේ ආර්ථික ශක්තිය කීප ගුණයකින් පහළට වැටුණා. ඒ හින්දා විශාල පිරිසක් වියදම් කපා හැරියා, රට හැර ගියා, දරුවන් සෑදීම අඩු කළා, විවාහ කල් දැම්මා, විවාහ බිඳ වැටුණා. ඔය කාලයේදී බැලුවොත් පෙනේවි රටේ දික්කසාද ප්‍රමාණයත් සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා කියලා.

:       0       23

සාලිය Monday, 06 October 2025 08:51 AM

ළමයි හදන්නයි ගෙවල් හදන්නයි සල්ලි කෝ... ට්‍රිලියනයක වත්කම් ඉපයූවා කීවාට නිවාස ණය දෙන්න එහෙම අදහසක් නෑ නේද ? ස්ථීර රස්සා නැතුව නිවාස ණය දෙන්නෙත් නැහැනේ..

:       0       32

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 06 October 2025 09:42 AM

ඉපදීම අඩුවෙලා තියෙන්නේ, රටට කෙළවෙනකල් හිනාවෙන්න බලං ඉන්න අපි ජෝඩුව වාගේ බත්කන හරක්ද?

:       16       2

Sarasi Monday, 06 October 2025 10:30 AM

ඉපදීම දුකායි, දුකායි දුකායි කියලමනේ උදේ හවා මතුරන්නේ. ඉතින් ලමයි හදයිද.

:       13       7

Perera Tuesday, 07 October 2025 09:00 AM

ඔව්, ඉතින් රටේ බොහෝ අයට කෙළින් හිතගන්නවත් පණ නැතිකොට ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site