
(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පරවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
ඉකුත් 4 වැනිදා අලුයම් කාලයේදී මෙම සොරකම සිදුවී ඇති බව ජාතික සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.ඩී.පී සමන්මලී මහත්මිය දෙහිවල පොලීසියට පැමිණිලි කර ඇත.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ පරවියන් 63 දෙනෙකු පසුගිය ජුනි මාසයේදී පොලිසියට බාරයට ගෙන තිබූ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි එම පරවියන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදී තිබිණ.
නැති වූ පරවියන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැත.දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙහිවල සතුන් වත්තෙන් පරවියන් 32ක් අතුරුදන්
Mahesh Monday, 06 October 2025 04:36 PM
ඇත්තටම ඔය පරවියෝ නෙමේ. ඔවුන් සමහර මිනිස්සුන්ට ඔවුන්ගේ ජිවිතේ, ඔවුන්ගේ ආත්මේ. ඉතින් හොරකම් නොකර ඉදීද?
ගුණරත්න Tuesday, 07 October 2025 10:50 AM
ආණ්ඩුව ආවා කියල හොරකම් අඩුවක් නැහැ, අයිස් ඇල්ලුවා කියල මහා ගෝසාවක් කලත් දැන් ඒ සද්දෙත් නතර වෙලා, අපි දන්නවා ඒ ඇයි කියල. මත්ද්‍රව්‍ය වැටලීම් කරගෙන යන අතරතුරේ හදීසියේම මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති මාරු කරන්න තරම් ආණ්ඩුව බය වුනේ මොකකටද?