
(අංජුල මහික වීරරත්න)
ඖෂධ හිඟයට පිළියම් සෙවීමට පවතින සමහර නීති රීති බාධා වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න කෙනෙකුට ගැටළුවක් සේ පැනනැගිය හැකි බව ද අමාත්‍යවරයා කීය.
සමහර නීති රෙගුලාසි ගැටපු අද ඊයේ පැන නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන ඒවා බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව කීවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරමිනි.
සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයෙහි වැඩ විසූ අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ රෝහල් සේවා මණ්ඩලයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහි දී රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් රෝහල් හා වෛද්‍ය උපකරණ තොගයක් ද කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 68කි. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දී ඇත. ඉතිරි මුදල රෝහල් සේවා මණ්ඩලය විසින් වැයකර ඇති අතර මෙහි ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඖෂධ හිඟයට පිළියම් හොයන්න සමහර නීති හරස්වෙලා