
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා එන සතියේ හමුවේ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක නිලධාරීන් පාවිච්චි කළ සියලුම වාහන රජය ලබා ගැනීමෙන් ඔහුට ආරක්ෂාව ලබාදීමට බරපතළ ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් මෙම තීරණයට පැමිණි බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ ගමගේ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ වෙඩි නොවදින රථය සහ තවත් වාහන දෙකක් රජයේ දැනුම් දීම අනුව පසුගියදා බාරදෙනු ලැබීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට මේ වන විට එකම වාහනයක් හෝ නොමැති ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නේ තංගල්ලේ නම් මහින්ද මහත්තයාට මොන අවුලක්ද?
වාහන නැත්තම් ගෙදෙට්ට වෙලා හිටියා නං හරිනේ, ඔය රට වටේම බුද්ධිමත් මිනිස්සු එන්නේ කද බැඳගෙන බලන්න. මොකට එලියට යනවාද? ආරක්ෂයින්ට බස් එකේ ඇවිල්ලා ගෙදරදී ඕනෑ ආරක්ෂාව දුන්නාම ඇතිනේ..
එම වාහන සැපයීම ආණ්ඩුවේ වගකීමක්. මොකද හිටපු ජනාධිපතිවරුන්ට ත්‍රස්තවාදී තර්ජන තිබෙනවා. එයිනුත් මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂයි. එතුමාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක්. කුප්‍රකට යූ ටියුබ්කාරයින්ට ආණ්ඩුවේ ආරක්ෂාව නොමිලයේම ලැබිලා තිබෙනවා කියලා අපි ප්‍රවෘත්ති දැකලා තිබෙනවා...
මහින්ද මහත්තයා මුලින්ම මන්ත්‍රී වුණු කාලයේ ඔවුන්ගේ ආණ්ඩුව තියෙද්දී ජෙප්පෝ කළ දේවල් මහින්ද මහත්තයා හොදින්ම දන්නවා. ඒත් 87-89 කාලයේ ජෙප්පෝ රකින්න වට්ටක්කා අරගෙන ජිනීවා යන්න ගියේ ජෙප්පෝ රකින්නයි පවතින රජය විනාශ කිරීම් අරමුණෙන්මයි... ඊළගට 1994 වෙලාවෙත් ජෙප්පෝ එකතු කරලා ආණ්ඩුව හැදුවේ සර්පයෝ කොහොමද කියලා හරියටම දැනගෙන බල තන්හාව නිසා. ඒත් සර්පයෝ කියන්නේ සර්පයෝ බව දැන්වත් තේරුම්ගන්න පුළුවන් නම් හොදයි...
ඔය මනුස්සයාව අරගෙන ගිහිල්ලා කටු ගෙයි කියාපල්ලා, එතැන ආරක්ෂාවත් හොදයි එන බයියන්ට කරදරක් නැතුව දැක බලාගෙන වන්දනා මාන කර ගන්නත් පුළුවන්...!
කොච්චර උත්සාහ කලත් පහත් මිනිස්සුන්ට උතුම්, ජනතා ආදරය දිනාගත් මනුස්සයෙක්ව යටපත් කරන්න බෑ. මහින්ද තව තවත් බැබලෙයි. හැබැයි යම් අනතුරක් වුනොත් කුහක පාලකයින්ට තවදුරටත් මේ රටේ ඉන්න නම් ලැබෙන්නේ නෑ.
පිනටම කාලා හොරාටත් කාලා පුරුදු වුණාම ඔහොම තමයි. මේ මොන අවනඩුවක්ද? තමුන්ටම කියලා ගෙයක් දොරක් වාහනයක් නැද්ද? පුතාලාගේ වත්කම් මුදලින් රන් මැණික් වලින් තිබුනේ. තාත්තාට සලකපල්ලා... රටේ ජනතාවට ඕවට මුදල් නැහැ.
යකුන්ගෙන් වැඩගත්තාම යකුන් තමුන් පස්සෙත් එන්න පුළුවන්. එතකොට ආරක්ෂාව තරකර ගන්න වෙනවා.
ඔය තරම් බය පාතාලය මරයි කියලනේ. බලය තියෙනකොට ගජ මිතුරෝ. එකට කෑවෙ විස්කි ගැහුවේ. දැන් පාතාලය වමාරන කොට. ඒ කාලේ සෙල්ලම්... අප්පච්චිලා, බේබිලා මරු විකාරෙන් දොඩවනවා. දැන් මේ කාලයක් ඉදලා ඉන්න. හොර ආරක්ශක නඩේ වහාම අයින් කරලා. අලුතෙන්, පස්දෙනෙක් දෙන්න මාස... තුනෙන් තුනට කට්ටිය මාරු කරන්න. දැක්කනේ කාලයක් ළගින් හිටපු කෙනා රැස්කරන් තියෙන ප්‍රමාණය. මොවුන් කෙරුවේ කුලියට මිනීමරලා සල්ලි හම්බ කරලා නාකිමයිනාගේ... නඩේ වෙනුවෙන් හිරේ යන එක... මයිනා හොරකම් කරපු මුදල් ගෙවන්නේ... කිසිම ලෝබ කමක් නැතිව. වාහන අවශ්‍ය නැහැ.. බස් එකේ යන්න එන්න. හදිසි අනතුරු සේවයක් තියෙනවා එයට දැනුම් දෙන්න... වාහන වලින් නෙමේනේ ආරාක්ශාව දෙන්නේ... කුලියට මරන්න යන්න නම් ඕනෑවෙනවා. මොවුන් සේරම අයින් කරලා. ආන්ඩුවට ලැදි, කොන්ද කෙලින් තියෙන ආරක්ෂක නිලධාරින් දමන්න.
කාගෙන්ද මේ ආරක්ෂා වෙන්න වුවමනා? කරපු පාහර අවලම් වැඩ හිතේ තියෙන නිසා තමයි මර බිය... පාතාලේ එක්ක ගහපු ගේම් නිසා මර බියෙන්...
ඇත්තටම සල්ලි නැති මිනිස්සු ද මේ අපි මේ මාසේ පඩි අරගෙන ලබන මාසෙ පඩිය ගන්න දින ගනින මිනිස්සු... අපි එහෙම දුක් විඳලා ජීවත් වෙනකොට මේ මිනිස්සු තවත් මොනවාද මේ ඉල්ලන්නේ? මිනිස්සුන්ගේ ලේ, ඇට, නහර වලත් තියෙන්නේ දුකක් නැති බැරිකම රටේ මිනිස්සු මෙච්චර කැපවීමක් කරද්දී රදලයින්ට බැරි ඇයි? බැරි ජීවත් වෙන්න..