වාහන ආනයනයේදී රජය පැන වූ කොන්දේසි නවය මෙන්න වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක් රජය විසින් පනවනු ලැබ ඇත. 01 February 2025
වාහන ආනයනය ගැන අති විශේෂ ගැසට්ටුවක් වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද (01) සිට ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(31) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. 01 February 2025
වැස්ස හෙට සිට අඩුවේ දිවයිනේ දැනට පවතින වැසි තත්වය අඩුවීමක් හෙට දිනයේ සිට බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 February 2025
බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය. 31 January 2025
පොලිසියටත් හොරෙන් පොලිසියට තොරතුරු දෙන්න අංකයක් පොලිසියට තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තොරතුරු ලබාදීමට හැකි ‘1997‘ කෙටි දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත. 31 January 2025
අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය. 31 January 2025
ව්‍යාපාරිකයා ගිනි අවියක් උණ්ඩ සමග අල්ලයි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවියක් සහ ටි 56 ජීව උණ්ඩ තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 31 January 2025
සිංහරාජයේ කෘමීන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයා මාට්ටු සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු අද අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්යාලය පවසයි. 31 January 2025
නිදහස් උත්සව ආරක්ෂක මෙහෙයුමේ දී කුඩ්ඩෙක් මාට්ටු නිදහස් උත්සවයට පෙර නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශ පරික්ෂාවකදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 31 January 2025
උද්ධමනය සෘණ 4.0 ක් දක්වා අඩුවෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((31) නිවේදනය කළේය. 31 January 2025
සුපිරි ඩීසල් මිල ඉහළට ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබේ. 31 January 2025
දොස්තර පැදවූ මෝටරිය බදුලු ඔයට පෙරළී 6ක් රෝහලට බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට අද (31) පස්වරුවේ පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 31 January 2025
පළාත් දෙකකට නව ප්‍රධාන ලේකම්වරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත. 31 January 2025
බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. 31 January 2025
ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී අද (31)පැවසීය. 31 January 2025
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරතාවකට ලක්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 31 January 2025
කටුනායකින් මැණික් තොගයක් අල්ලයි රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (31) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. 31 January 2025
මාවෙයිට ජනපති අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ගෞරවය දැක්වීම අද (31) සිදු විය. 31 January 2025
පැල් රකින්න ගිය අයෙක්ට වල් අලියකු පහර දීලා මත්තල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයකු හේනේ පැල් රැකීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී පස්වරු 5 ට පමණ ඉදිරියට පැමිණි වන අලියකු යතුරුපැදිය සමඟ ඔසවා විසිකර ඇතැයි පොලිසිය පවසයි. 31 January 2025
තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. 31 January 2025
බලංගොඩ ඉහළ ගලගම මාර්ගය නාය යයි බලංගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම මාර්ගයේ නාය යැමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනට සම්පුර්ණයෙන්ම බාධා ඇති වී තිබේ. 31 January 2025
ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 3065 ක් මෙරටට පිටුවහල් කිරීමේ අවදානමක් මතුව ඇතැයි පැවැසෙයි. 31 January 2025
යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී වූවේය. 31 January 2025
තෙල් සංස්ථා ලොක්කාට ඇප හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබාදීම සඳහා කටයුතු කර රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (31) නියෝග කළේය. 31 January 2025
පෝෂණ සැසිය රැස් වෙයි මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේ ම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහා ප්රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාල වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි. 31 January 2025
සජබ - එජාප මැතිවරණවලට එකට එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. 31 January 2025
නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බි.එම්. රණතුංග මහතා ඊයේ (30) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 31 January 2025
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි සේදවත්ත ගබඩාවක වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබි මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 30000ක් ඊයේ (30) සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 31 January 2025
සංචාරක කර්මාන්තයට ආසියා සංවර්ධන බැංකුවෙන් සහය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(31)වන දා පැවැත්විණි. 31 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025