
(කේෂර ගුණතිලක)
තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) අලුයම වෑන් රියක් ගසක හැපි සිදු වූ අනතුරකින් වෑන් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
තණමල්විල දෙස සිට වැල්ලවායට දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අඹ ගසක සහ තේක්ක ගසක ගැටී අනතුර සිදුවී ඇත.
වෑන් රථයේ රියදුරු අසුනට පිටුපස අසුනේ සිටි අයෙකු බරපතළ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල,ඩී හතර ඇල පදිංචි කුලවර්ධන රාළහාමිලාගේ වංශතිලක (56) නැමති අයෙකි. තුවාල කරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේද දෙදෙනෙකු තණමල්විල ප්‍රාදේශීය රෝහලේද ප්‍රතිකාර ලබමින් පසු වේ.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1421
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෑන් රිය ගසක වැදී අයෙක් මරුට :5කට තුවාල