IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මහීපාල බිරියගේ වැව් රක්ෂිතයේ හෝටලය කඩා දමයි

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද පැවැසීය.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වූයේ එහිදීය.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබිණි.

මේ වන විට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල් ද දමා අවසන් කර ඇත.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක් ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේ දී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය.



අදහස් (19)

මහීපාල බිරියගේ වැව් රක්ෂිතයේ හෝටලය කඩා දමයි

සාලිය Friday, 03 October 2025 07:19 AM

ඉතිරි හරිය ගලවන්නේ කැලේ සත්තුද? නැති නම් අපේ සල්ලි වලින්ද?

:       0       1

Nimal 1 Friday, 03 October 2025 07:39 AM

හොර තක්කඩියන්ගේ මැරකම් මත ඉදිවුණු හෝටල්. මොවුන්වත් සිරගත කරන්න ඕනේ.

:       0       3

පිටිගල මිලානෝ Friday, 03 October 2025 07:55 AM

සිදුවුන හානිය වහාම නඩු දමා අයකරගන්න.

:       0       4

Perera Friday, 03 October 2025 08:07 AM

ජනතාව මාලිමාව රජයක් පත් නොකළානම් මොවුන් ගොඩකරලා හෝටල් හදනවා.

:       1       3

222222222v Friday, 03 October 2025 08:38 AM

දූෂණයේ නටබුන් බලන්න ට්‍රිප් සහ වන්දනා සඳහා විමසන්න - ඇල්ලෙපෙරලේ ටුවර්ස්

:       1       1

කව්ද බෝයි Friday, 03 October 2025 08:43 AM

එතකොට ඉතුරුකරලා ගිහිං තියෙන අත්තිවාරම ගලවන්න ඕන ජනතාවගේ බදු මුදල්වලින් රජය මගින්ද? මේවට නඩු සහ දඩ ගහන ක්‍රමවේදයක් ඇත්තෙම නැද්ද?

:       5       77

Rohana Saturday, 04 October 2025 11:08 AM

නීතිය අවභාවිතා කරන අයට ඉඩනොදී ඉන්න එක තමයි ඉදිරියට කරන්න ඕන. නීතිගරුක රටක් ඡන්දය දුන් අයගේ බලාපොරොත්තුවයි.

:       0       2

අරවින්ද මොණරවිල Friday, 03 October 2025 08:48 AM

සෙල්ලම් නැහැ, කිසිම කෙදිරියක් අඩෝ වැඩියක් නැතිව හෝටලයක්ම පොලවට සමතලා කරලා අපේ හාන්දුවනේ !

:       21       58

Asanga Friday, 03 October 2025 09:01 AM

මේවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.

:       1       54

ranjith Friday, 03 October 2025 09:05 AM

ඔවුන්ට දඩුවම් දෙන්න තියෙන්නේ . මුලින්ම සමූපකාරේ හොරාකාලා පටන් ගත්තේ දේශපාලනය. අද මුන් කෝටිපති උනෙත් හොරකමෙන්ම තමා

:       5       65

Prabash Friday, 03 October 2025 10:47 AM

පරිසරය විනාශ කලාට නීතිමය දඬුවමක් නැද්ද?

:       2       63

ලොක්ක Friday, 03 October 2025 12:44 PM

රජයේ මෙම කටයුත්ත ප්‍රසංසා සහගතයි , පෙර දි වගේ පගා දාල මේ නිති විරෝදි වැඩ කරන්න බැ, දීපු චන්දය වටිනව

:       19       87

BBC Friday, 03 October 2025 01:17 PM

ඕනෙම හොරට අල්ලගත්තු ඉඩමක් විදුලිබලමණ්ඩලේ ඇවිත් supply දීලා ගිහපුවාම නීතියනුකූල වෙනවා මේ කරන වැඩේ අගයන්න ඕනේ. වැව් රක්ෂිත විනාශ කරලා ගංවතුර තත්ත්ව ඇතිකළාටත් දඩගහන්න ඕනේ...

:       0       1

පොඩිඑකා Friday, 03 October 2025 01:56 PM

“එකා….යි..!”

:       0       0

beau Friday, 03 October 2025 02:19 PM

කාට හොරෙන්ද හෝටලය කඩා සමතලා කළේ... ඇයි ඒ ගැන දන්නේ නැද්ද? මට පේන හැටියට, මේක බිරියගේ නමට තිබුණාට... මිනිහා තමා හොර හෝටලයක් ගහගෙන තියෙන්නේ. කරන්නේ වැරැදි වැඩක් බව දැන දැනම. ඉඩමත් හරියට සමතලා කර සුද්ද කර නැත. ඒකට වන්දියක් ගෙවිය යුතුයි.

:       0       0

අකිල Friday, 03 October 2025 03:57 PM

සියලුම හොරුන්ට ආශිර්වාද කරපු ජාතියේ අප්පච්චි බලයේ හිටියා නම් මෙලහකට වැවත් මහිපාල ගේ හාමිනේගේ නමට ලියාගෙන...

:       1       0

Nandana Friday, 03 October 2025 07:27 PM

ඩඩ්ලිගේ හෝටලයට අත නොතියනු

:       0       0

රාජිත Friday, 03 October 2025 07:41 PM

එදා පුස් බයිසිකලෙන් ගිය පොලෝපාල අද දකුණු ආසියාවේ ලොකු සල්ලිකාරයෙක් උනේ මේ කුණු දේශපාලන ක්‍රමයේ වරදින්

:       0       1

Kamal Koyrala Saturday, 04 October 2025 11:13 AM

අනවසර ඉදිරි කිරීම්වලට විදුලිය සැපයුවේ කෙසේද කවුද කියලත් විමසා බලා දඬුවම් පැමිණවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site