
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද පැවැසීය.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වූයේ එහිදීය.
වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබිණි.
මේ වන විට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල් ද දමා අවසන් කර ඇත.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක් ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේ දී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරි හරිය ගලවන්නේ කැලේ සත්තුද? නැති නම් අපේ සල්ලි වලින්ද?
හොර තක්කඩියන්ගේ මැරකම් මත ඉදිවුණු හෝටල්. මොවුන්වත් සිරගත කරන්න ඕනේ.
සිදුවුන හානිය වහාම නඩු දමා අයකරගන්න.
ජනතාව මාලිමාව රජයක් පත් නොකළානම් මොවුන් ගොඩකරලා හෝටල් හදනවා.
දූෂණයේ නටබුන් බලන්න ට්‍රිප් සහ වන්දනා සඳහා විමසන්න - ඇල්ලෙපෙරලේ ටුවර්ස්
එතකොට ඉතුරුකරලා ගිහිං තියෙන අත්තිවාරම ගලවන්න ඕන ජනතාවගේ බදු මුදල්වලින් රජය මගින්ද? මේවට නඩු සහ දඩ ගහන ක්‍රමවේදයක් ඇත්තෙම නැද්ද?
සෙල්ලම් නැහැ, කිසිම කෙදිරියක් අඩෝ වැඩියක් නැතිව හෝටලයක්ම පොලවට සමතලා කරලා අපේ හාන්දුවනේ !
මේවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.
ඔවුන්ට දඩුවම් දෙන්න තියෙන්නේ . මුලින්ම සමූපකාරේ හොරාකාලා පටන් ගත්තේ දේශපාලනය. අද මුන් කෝටිපති උනෙත් හොරකමෙන්ම තමා
පරිසරය විනාශ කලාට නීතිමය දඬුවමක් නැද්ද?
රජයේ මෙම කටයුත්ත ප්‍රසංසා සහගතයි , පෙර දි වගේ පගා දාල මේ නිති විරෝදි වැඩ කරන්න බැ, දීපු චන්දය වටිනව
ඕනෙම හොරට අල්ලගත්තු ඉඩමක් විදුලිබලමණ්ඩලේ ඇවිත් supply දීලා ගිහපුවාම නීතියනුකූල වෙනවා මේ කරන වැඩේ අගයන්න ඕනේ. වැව් රක්ෂිත විනාශ කරලා ගංවතුර තත්ත්ව ඇතිකළාටත් දඩගහන්න ඕනේ...
“එකා….යි..!”
කාට හොරෙන්ද හෝටලය කඩා සමතලා කළේ... ඇයි ඒ ගැන දන්නේ නැද්ද? මට පේන හැටියට, මේක බිරියගේ නමට තිබුණාට... මිනිහා තමා හොර හෝටලයක් ගහගෙන තියෙන්නේ. කරන්නේ වැරැදි වැඩක් බව දැන දැනම. ඉඩමත් හරියට සමතලා කර සුද්ද කර නැත. ඒකට වන්දියක් ගෙවිය යුතුයි.
සියලුම හොරුන්ට ආශිර්වාද කරපු ජාතියේ අප්පච්චි බලයේ හිටියා නම් මෙලහකට වැවත් මහිපාල ගේ හාමිනේගේ නමට ලියාගෙන...
ඩඩ්ලිගේ හෝටලයට අත නොතියනු
එදා පුස් බයිසිකලෙන් ගිය පොලෝපාල අද දකුණු ආසියාවේ ලොකු සල්ලිකාරයෙක් උනේ මේ කුණු දේශපාලන ක්‍රමයේ වරදින්
අනවසර ඉදිරි කිරීම්වලට විදුලිය සැපයුවේ කෙසේද කවුද කියලත් විමසා බලා දඬුවම් පැමිණවිය යුතුයි.