IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ වත්කම් රැසකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද නියෝග කළේය

අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය,2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 127 (1) (ඌ) සහ (ඒ) වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධ චෝදනාවන්ට අදාළව අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි .

අද උදෑසන 9 සිට පස්වරූ 1.30 දක්වා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු සැකකරු මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු වසර අටක් තිස්සේ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශය නිසි පරිදි ඉදිරිපත් නොකර මඟ හරිමින් සිටි බවය.

සැකකරු සතු යැයි අනාවරණය කරගත් බස් රථ ඇතුළු රථ වාහන,නිවාස, හෝටල් ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් සම්බන්ධයෙන් විශාල විමර්ශන ප්‍රමාණයක් සිදු කරීමට ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු විසින් අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.



අදහස් (7)

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්

Neel Thursday, 02 October 2025 05:48 PM

කොහොමද වැඩේ.. ඉතින් ලංකාවට වේච්චි දේ...

:       11       62

පිටිගල මිලානෝ Thursday, 02 October 2025 05:54 PM

මෙයා මහින්ද ගාවට සෙට් වෙන්න ඉස්සෙල්ලා හමුදාවේ සුළු වාහන රියදුරෙක්… මහින්දගේ ආවතේව කාරයා වුණු නිසාම මෙයාට රටේ නීතිය වලංගු වුනේ නැහැ. දැන් ඉතිං කළ පව් වලට ජීවිතෙන් වන්දි ගෙවපන්…

:       14       86

හසක Thursday, 02 October 2025 06:32 PM

එතකොට විශ්‍රාමික ලුතිනන් කර්නල් කියන්නේ ඇයි?

:       4       36

Saman AmarasinhgaThursday, 02 October 2025 07:51 PM

ස්වේච්ඡා හමුදාවේ සාජන්ට්වරයෙක් වූ ඔහුට හමුදාවේ නිලධාරියෙකු වීමට අවශ්‍ය විය. යුද හමුදාවේ නිලධාරීන් නොවන සාමාජිකයන්ට නිලධාරී ධූරයන්ට පත්වීමේ නීත්‍යානුකූල මාර්ගයක් පවතී. ඒ සඳහා නිලධාරී නොවන සාමාජියන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කළ යුතුය. ඒ අතරින් ඉහලම උසස්වීම වන්නේ නිලධාරී නොවන මට්ටමේ සිට ලුතිනන් ධූරයට පත් කිරීමයි. ආරක්ෂක ඇමැති වශයෙන් මහින්ද රාජපක්ෂ නෙවිල්ගේ “විශිෂ්ඨ“ සේවය සලකා ඍජු ලුතිනන් ධූරයට උසස් කෙළේය. නිලධාරීන් නොවන හමුදා සාමාජිකයන් දහස් ගණනක් අතරින් අයෙකු වසර ගණනාවක් දහඩිය කඳුළු ලේ වගුරුවා ලබා ගන්නා මෙවැනි උසස් වීමක් නෙවිල් වන්නිආරච්චිට ලැබුණේ සට්ටැඹි සේවය වෙනුවෙනි. ඉන්පසු වසරින් වසර ඔහු උසස්වීම් වලින් පුදනු ලැබීය. ඒ කිසිදු උසස්වීමක් ඔහුගේ දක්ෂතාවයන්ට ලැබුණු දෑ නොවේ. වර්තමානයේ ඔහු ‘මේජර්‘ නෙවිල් වන්නිආරච්චිය.

:       4       43

බණ්ඩාර Thursday, 02 October 2025 06:37 PM

ඔබ හරි මහින්ද ගාවට ආවාට පස්සේ බිලියනපතියෙක් වුණා මේවාට ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබෙනවාමයි...

:       7       59

අරවින්ද මොණරවිල Thursday, 02 October 2025 06:58 PM

වෙනස මාරයි, රාජපක්ෂලාට අපලයි !

:       9       51

නන්දන පනා-මිලානෝ Thursday, 02 October 2025 07:05 PM

කෝ අර එකපාර දුසිම් ගණන් ඩිස්ලයික් ගහන අය…? සල්ලි ඇවිත් නැද්ද…?

:       11       67

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32962 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15596 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site