
(රෝෂන් තුෂාර)
උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ වත්කම් රැසකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය
අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය,2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 127 (1) (ඌ) සහ (ඒ) වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධ චෝදනාවන්ට අදාළව අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි .
අද උදෑසන 9 සිට පස්වරූ 1.30 දක්වා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු සැකකරු මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු වසර අටක් තිස්සේ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශය නිසි පරිදි ඉදිරිපත් නොකර මඟ හරිමින් සිටි බවය.
සැකකරු සතු යැයි අනාවරණය කරගත් බස් රථ ඇතුළු රථ වාහන,නිවාස, හෝටල් ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් සම්බන්ධයෙන් විශාල විමර්ශන ප්‍රමාණයක් සිදු කරීමට ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු විසින් අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ.. ඉතින් ලංකාවට වේච්චි දේ...
මෙයා මහින්ද ගාවට සෙට් වෙන්න ඉස්සෙල්ලා හමුදාවේ සුළු වාහන රියදුරෙක්… මහින්දගේ ආවතේව කාරයා වුණු නිසාම මෙයාට රටේ නීතිය වලංගු වුනේ නැහැ. දැන් ඉතිං කළ පව් වලට ජීවිතෙන් වන්දි ගෙවපන්…
වෙනස මාරයි, රාජපක්ෂලාට අපලයි !
කෝ අර එකපාර දුසිම් ගණන් ඩිස්ලයික් ගහන අය…? සල්ලි ඇවිත් නැද්ද…?
මොහු මීට වැඩිය ලොකු දූෂණ වංචා කරලා තිබෙනවා. අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනාත් මේ සමගම ගොනු කරලා මේ නඩු කටයුතු ඉක්මනට ඉවර කරන්න කටයුතු කලොත් හොඳ බව මගේ අදහසයි. නඩු ඉක්මනට අහලා විසදුමක් දෙන්න තිබෙන ප්‍රධාන බාධාවක් වන විනිසුරුවරු ප්‍රමාණය මදි වීමට සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් ලබාදීමට... අවම වශයෙන් දැනට වෙන්කරන මුදල මෙන් දෙගුණයක්වත් වෙන් කරන්න ඕනේ..., ප්‍රමාණවත් මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කරන එක රජයේ වගකීමක් වෙනවා. රටක දියුණුවට අධිකරණ දෙපාර්තමේන්තුව ශක්තිමත් සහ ස්වාධීන කිරීමට කටයුතු කරන්න ඕනේ... ඒවාට අවශ්‍ය මුදල් වෙන් නොකර අපි හොරු අල්ලනවා කීවාට පමණක් ප්‍රමාණවත් නැහැ...
ජවිපෙ ආතභූත බැරකම් ප්‍රකාශන ගැනත් පියවරක් ගන්නවාද? ඇමතිලා 11 දෙනෙක් එක්ක මන්ත්‍රීවරු සහ නියෝජ්‍ය කතානායක එක්ක වත්කම් ප්‍රකාශ නොදුන් ජනතා නියෝජිතයින් 31 දෙනෙක් ඉන්නවා. ඒ වගේම වත්කම් ප්‍රකාශ දුන් සමහරු හිතාමතා ව්‍යාජ තොරතුරු දීලා තියෙනවා, ප්රීමියෝ කාර් එකක් ලක්ෂ එක හමාරක් වගේ ගානකට මිල කරපු මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. රුපියල් 7000ක් වටිනා නිවසක ඉන්න කෙනෙක් ඉන්නවා, තව එකෙක්ට කිසිම වත්කමක් නැහැලු, අඩුම තරමේ බැංකු ගිණුමක්වත් නැහැ කියලා ප්‍රකාශ පත්‍රය දීලා තිබෙනවා. මේවා කාව අන්දන්න ද?
හොරු රැකපු හොරු..
දැන් ඉතින් මැදමූලන ඉලව්වේ නො-මොලේ හොරුන්ට මයික් ඉදිරිපිට කිඹුල් කදුළු ගංගාවක් හෙලන්න අවස්ථාවක් උදාවෙලා!!! AKD මාළිමා රජය, රාජ-පස්සලාගෙන් පලිගැනීම් තවදුරටත් කරගෙන යනවෝ කියා රටටම ඇහෙන්න බෙරිහන් දෙන්න පටන් ගනීවි. මෙ කුම්භාණ්ඩ රැලත්, ඔවුන්ගේ සට්ටැඹි රංචුවත් ගහපු ගැහිලි සාධාරණීය කරන්න පොහොට්ටු රැලට මෙය තවත් මාර අවස්ථාවක් උදාවෙලා.
විශ්‍රාමික ලුතිනන් කර්නල් කියන්නේ අපේ රණ විරුවෙක් නොවැ... විදුලි පුටුවට වුණත් යවන්න සුදුසු පුද්ගලයෙක් තමා මේ. අපිටත් නැගිටින්න කාලේ හරි වගේ...
කෝ ගුණයා.
යහපාලන ආණ්ඩු කාලේ ඉඳන් තියෙන නඩුනේ මේ. මෙයා කී සැරයක් රිමාන්ඩ් උනාද ඒ කාලේ. දැන් මේවා අළුත් ඒවා වගේ පෙන්නනවා මාලිමාවේ ඩෝබි හමුදාවට ආතල් එකක් දෙන්න සහ පහුගිය දවස්වල එළියට ආපු මාලිමාවේ මැති ඇමතිලා පහුගිය අවුරුදු 2 තුල කෝටිපතියෝ වෙච්ච හැටි වහන්න. එවා ගැන අල්ලස් කොමිසම හුම් නෑ. ඔහොම යන්.
කරන කලට පව් මීරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ.... ඩුබායි හෝටල්, කොළඹ පුරා සුඛෝපභෝගී මාලිගා, රටපුරා තරු පහේ හෝටල්, යාන වාහන ...සීෂෙල්ස්, කෙන්යා, උගැන්ඩා, සෛප්රස්, ලින්චන්ස්ටයින් මතක් වෙන්නේ මට විතරද ? හාල් මැස්සන්ට විතරක් නෙවේ තෝරු මොරුන්ටත් වැඩිකල් යන්න කලින් උත්තර බඳින්න වෙයි මගේ හිතේ ....තවම මාස 12 හනේ ගත උනේ... බලමු... බලමු....
ජෙප්පෝ ඔක්කොම විසිල් පාරක් ගහන්න. අලුත්ම සංදර්ශනයට.
මෙයා මීට කලින් ඇතුලට ගියේ නාකි ගොබ්බයො රට පාලනය කරන කොට නිශාන්. ඔයාට නාමල් බේබිට වගෙ හරියට කේන්ති ගිහින් බය වෙනවා නේද පුවත බැලුවා නිකම් හිටියා ඇයි ආන්ඩුවට බනින්නෙ. ඊලගට ඔයයි නාමල් බාබු තමයි ඇතුලට යන්නෙ. පුදුම බයක් තියෙන්නෙ මිනීමරුවෝ කුඩු අල්ලනකොට