
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දවසේ වෙඩිල්ල දැන් දවසේ ඇඬිල්ල බවට පත්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු සමන් මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
මත්ද්‍රව්‍ය හා තහනම් උත්තේජක සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම ක්‍රීඩාවටත් ව්‍යසනයක් වෙලා තිබෙනවා.මේ තහනම් උත්තේජක නිසා දීප්තිමත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජීවිතය අවසන් වූ අවස්ථා අප දැක තිබෙනවා.ඒ වගේම රටකට කළු පැල්ලම් එකතු කළ ඉතිහාසයක් අප දැක තිබෙනවා.ජාත්‍යන්තර වශයෙන් තිබෙන ක්‍රීඩා සැලකිල්ල වර්ධනය කිරීමට නම් රජයක් ලෙස අප ඊට සම්බන්ධ විය යුතුව තිබෙනවා.ක්‍රීඩාව මත්ද්‍රව්‍ය පාතාලය මේ සියල්ල ඒකාබද්ධ වී ගමන් කළ යුගයක් තිබුණා.මේ රටේ ක්‍රීඩාවට වාණිජ වටිනාකමක් ලැබුණු පසු දේශපාලනය හා ක්‍රීඩාව එකට බැඳී ගිය ආකාරයක් අප දුටුවා.ක්‍රීඩා සමාජ සල්ලි වලට ගෙන දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරපු අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. දේශපාලනයට අපරාධ ගාවපු කූටප්‍රාප්ති අවස්ථාව රාජපක්ෂ යුගයයි. අයිස්ලන්ත කුමාරයාගේ පිටිපස්සෙ ඉන්න ජුලන්පිටියේ අමරෙ ගැන අප දන්නවා.කජ්ජා ගැන සාකච්ඡාවක් එනකොට අඬන්නෙ වෙන කණ්ඩායම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස ගානේ මිනී මරණ එක විහිලුවක්ද මේ මන්ත්‍රීතුමාට...?
#gunarathna, දවස ගානේ මිනී මරාගන්නේ ජරාපක්ෂලාගේ ගෝලබාලයෝ.
ගණේමුල්ලේ සංජීව කෙහෙල්බද්දර පද්මේ බැකෝ සමන් කුඩු සලිදු යන සියල්ලෝම පොහොට්ටුවන් සමඟ සම්බන්ධකම් තිබුණ බවට දැන් හෙළි වෙමින් පවතිනවා. ඒ නිසා තමයි ඔය ගලි නාලිකාවල් වලට දැන් දවසේ වෙඩිල්ල වැලිපිල්ලක් වෙලා තියෙන්නේ.
හොදට එළ ගවයෝ ටික තප්පුලනවා.
පෙරේරා මහත්තයා එහෙම කියන්නේ ආයුධ සංස්කෘතිය රටට හඳුන්වලා දුන්නේ කවුද කියලා මතක නැතිව වගේ. කොටි ත්‍රස්තවාදීන් කැරළි ගහන්නත් කලින් ආයුධ හදාගෙන රට අල්ලන්න මිනීමරන්න ගත්තේ කවුද?