
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.
ඇය මෙසේද කීවාය
ඒ ගරුත්වය ඒ කොමිෂන් සභාවට දිය යුතුයි. තරුණයන් ඉල්ලන ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ප්රධාන ආයතනය. ලෝකයෙන්ම ඇගයීමට ලක්වෙලා තියෙනව. ඒක සුළුපටු දෙයක් නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසම ඒ තත්වයට ගෙනාවේ කවුද? ඒ සඳහා අදාළ ප්රතිසංස්කරණ කලේ කවුද? කොමසම් ටික නිසා ස්වාධීන වුනු රාජ්ය සේවයට පින්සිදුවන්නට සාධාරණ මැතිවරණ පවත්වා බලයට පැමිණ දැන් බනින්නෙත් ඇඟිලි ගසන්නෙත් නිලධාරීවාදය ගැන දෙසා ඒවා වෙනස් කරන්නට ඕනැත් කියන්නේ කවුද?
හරියට මෙයා හැදුවා වගේ...
මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම ඇතුළු ස්වාධීන කොමිසන් සභා 6 ක් පිහිටෙව්වේ. 1994 දී ජනාධිපති පදවියට පත්උනු ගරු චන්ද්රිකා කුමාරතුංග මැතිණියයි. ඔයාලා කරන්නේ ඒ කොමිසන් සභාවල ස්වාධීනත්වය නැති කරන එකයි. අද පොලිස් කොමිසමට තිබුණු මාරුවීම් කිරීමේ බලය ඒකෙන් ගලවලා පොලිස්පතිට අනියම් විදියට දීලා. එහෙම කරන ගමන් ලැජ්ජා නැතුව කොමිසම සභා වර්ණනා කරනවා. ඉදිරි අවුරුදු 4 තුළ ඉතුරු කොමිසම් සභාවලටත් ඒ දේම තමයි කරන්නේ ඔයාලා.