
(ගයාන් සූරිය ආරච්චි)
මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 5 හැවිරිදි සිසුවකු පිහිනුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි නෙතුර වික්‍රම හේරත් නැමැති සිසුවෙකි.
එම ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් සමඟ පාසල් දරුවන් 30 දෙනකු පමණ එම පිහිනුම් පුහුණුවීම් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එම පිහිනුම් තටාකයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ සිසුන් එම පිහිනුම් තටාකයේ පුහුණුවීම් සිදුකරමින් සිටියදී මෙම සිසුවා දියේ ගිලී ඇති අතර අනතුරුව දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය සිසුවා පවුලේ බාල දරුවා වන අතර ඔහුට වඩා වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සිටින බවද පොලිසිය කියයි.
මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 04
798
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිරිහානේ පාසලක දරුවෙක් පිහිණුම් පුහුණු වෙද්දි ගිලි මරුට
ගුණරත්න Thursday, 09 October 2025 07:26 AM
ගිය සතියෙත් දරුවෙක් පාසල් පිහිනුම් තටාකයේ වැටී මියගියා. මේවා භාරව නිලධාරීන් නැද්ද? ඔහේ නිකම් වතුර පිරෙව්වාට මදි. ජීවිතාරක්ෂක නිලධාරියෙක් සිටිය යුතුයි.