
(යොහාන් භාසුර)
කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
කොළඹ වරාය 2024 වසරේ පළමු මාස 8 තුළ රුපියල් බිලියන 18.9 ක ශුද්ද ලාභයක් ලැබූ අතර 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියට 71 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කියයි.
මෙම වසරේ පළමු මාස 8 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා ඇති බව කියන වරාය අධිකාරිය අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බහලුම් හැසිරවීම 2024 පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 6 පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවද වෙනස... කෝ මේ රත්තරං...
අළුත් වාහනවලට ගහපු බදු නිසානේ ඔය වැඩිවීම වුනේ. ඒත් ඒ වාහන ගේන්න රටේ ඩොලර් සංචිතයෙන් මිලියන 500 ක් විතර වැය කළා. වාහන ආනයනයෙන් ඩොලර් ශේෂය අඩු වුණා මිසක් වැඩි වුනේ නෑ. ඩෝබි හමුදාව නම් හුරේ දායි. ඒත් මතක තියා ගන්න 2028 දී ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නොවෙයි.