
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ වලින් පැනලා යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති අතර ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූය මෙනවිය පාර්ලිමේන්තුවේදී කීවාය.
"අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තකයන්ගේ අයිතීන් රැක දෙන අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමට අප වැඩ කටයුතු අරඹා තිබෙනවා.අධ්‍යාපනයේ අසමානතා අඩු කිරීමට අප විශාල වශයෙන් මැදිහත් වී තියෙනවා. උසස් අධ්‍යාපනයේ හිරවී තිබූ ව්‍යාපෘති විසි හයක් අවසන් කිරීම සඳහා මුදල් වෙන් කර තිබෙනවා. වසර පහකින් පමණ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවා තිබුණේ නැහැ. අප රට භාරගත්ත තැන සහ අද තිබෙන තැන ගැන විපක්ෂයේ උදවිය කියන කතා වලට වඩා ජනතාව කියන කතා ගැන ඇහුම්කන් දිය යුතුයි" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2025 අවුරුද්දේ මැතිවරණ දෙකක් තිබුණ නිසා සංවර්ධන වැඩ අඩාල වුණා. 2026 වසරත් එහෙම කරන්න එපා. 2026 වසරෙත් වැඩ ටික කරලා 2027 දී පළාත් සභා මැතිවරණය තියන්න බලන්න.
පලා බබා අපට කිය කියා ඒ දවස්වල පෙළපාලි ගියා. ඡන්දෙට ඉල්ලපු මිනිස්සු මැරුවා. ඡන්දය දාන්න ගිය අයත් මැරුවා. ඊට පස්සේ පලා බබා අපට හොඳයි කියකියා ඒවාට රිංගන්න ඡන්දේ ඉල්ලුවා. මන්ත්‍රීවරු වුණා... කරපු දේකුත් නෑ. නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. මේ වගේ බොරුකාර රැලකට ඡන්දෙ දෙන්න මිනිස්සුන්ට ලැජ්ජාවකුත් නෑ. එන්නකෝ එන්නකෝ නෝනේ ඡන්දයත් අරගෙන...
CC ඔබ කියන විදිහට 2027 වෙනකම් හිටියොත් ආණ්ඩුව අර 2019 හිටපු ස්ථානය අසන්නේට (3%-10%) ප්‍රමාණයකට යනවා. එහෙම වුනොත් උඩින්ම පරාද වෙනවා... දැන් තිබුනොත් 30%-45% අතර ප්‍රමාණයකට යන්න පුළුවන්...
චතුරංග මහත්මය එච්චර අඩු වේවි කියල මම හිතන්නේ නැහැ , 3% හිටපු මාලිමාවට 55% වැඩි චන්ද ප්‍රතිශතයක් ලැබුනේ ගෝටගේ චන්ද වලින් විශාල කොටසක් මලිමවට ලැබුන නිසා , පළාත්පාලන චන්දෙදි එම පිරිසෙන් කොටසක චන්ද පොලට නොගිය අතර එකෙන් කොටසක් පොහොට්ටුවට නැවත චන්දෙ දුන් බව පෙනේ , සජබ , එජාප චන්ද පදනමේ විශාල උච්චවචනයක් දකින්නට නොමැත , ගෝටාභයට චන්දෙ දුන් සියලු දෙනාම නාමල්ට චන්දෙ දෙන්නේ නැත ,එම නිසා දැන් චන්දෙ තිබුනොත් 30% කොහොමත් ගන්න පුළුවන් , ඔබගේ 20% කතාව සමග එම නිසා මම එකඟ නොවෙමි ,
උතුරු නැගෙනහිර විතරක්ද?
එරංග මහත්මය , ඔබ හරි උතුරු නැගෙනහිර සධකෙත් අමතක කරන්න බැහැ , පළාත්සභ චන්දෙ පස්සට දමන එක උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ඉතා කෝප ගැන්වෙන ක්‍රියාවක් , මොකද මේ පලත්සබහ හැදුවේ උතුරු නැගෙනහිරට කියන මතය ඔවුන්ගේ සිත් තුල ඊට දැඩිව කිඳා බැස ඇත , මේවා ඉදිරි ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ වලට බලපනවා පස්සට දමන්න දමන්න උතුරේ නැගෙනහිර මාලිමාවට තිබුන චන්ද ඔවුන්ගෙන් ගැලවිලා , මුස්ලිම් , දෙමල පක්ෂ වටාත් , සජබ , එක්සත් ජාතික පක්ෂ වටත් රැස් වෙන එක සිදු වෙනවා.