
(අංජුල මහික වීරරත්න)
කොළඹ බැස්ටියන් මාවතෙන් ගමන් අරඹන දුර ගමන් බස් සේවා වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථ වල ප්‍රමිතිය මෙම වැඩසටහන යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව ඇත.
ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන්අ ද(9) පෙරවරුවේ සිට මෙම වැඩසටහන අරඹන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වලට නිකුත් කරන මගි ප්‍රවාහන බලපත්‍රය වසරකට වරක් අලුත්කරන විට එම බස් රථ මගි ප්‍රවාහන සඳහා සුදුසු ද යන්න පරික්ෂා කර බලපත්‍ර නිකුත් කරන්න ක්‍රමයක් සකසන්න. ඒ සඳහා සුදුසු ගරාජ තෝරා ගෙන ඒවාට පරික්ෂා කළ යුතු බස් රථයේ උපාංග සහ ඒවායේ තිබිය යුතු තත්වයන් පිළිබඳ උපදෙස් ලබා දෙන්න කටයුතු කරන්න. එවිට තමයි සුරක්ෂිත හා සුවපහසු මගි ප්‍රවාහන සේවයක් ස්ථාපිත කරන්න හැකි වෙන්නේ.
කන පැලෙන්න සින්දු දාන එක තහනම් කරලා බෆල් ගලවන්න.