
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලුත් කොන්දේසි සහිත අයි.එම්.එෆ් ගිවිසුමක් මේ අය පොරොන්දු වුණා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. අද මේ රජය ඉදිරියට යන්නේ පහුගිය රජයේ අයි.එම්.එෆ් කොන්දේසිය යටතේ.ඒ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක නොකළ එක දෙයක්. ඒ වගේම විදුලි බිල සීයට 33කින් අඩු කරන බව කිව්වා.නමුත් හෙට අනිද්දා විදුලි බිල සීයට 6.8 කින් අඩු කරන්න හදනවා.මේවා කරන්න හදන්නේ නිසි පිරිවැය ගණනය කිරීමකින් තොරවයි.මෙච්චර ජනවරමක් අරගත්තේ අයි.එම්.එෆ් කියන පදයට නටන්නද? අද මේ ආණ්ඩුව අයි.එම්.එෆ් එකේ රූකඩයක් බවට පත්වෙලා.අප රටේ දරිද්‍රතා කම්පන නිර්මාණය වී තිබෙන බව ලෝක බැංකුව කියනවා.ගෘහයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ණාඩියට එබිල බලාගන්න රූකඩ.
අයි.එම්.එෆ් යන පාර හදනකොට කට වහගෙන හිටපු උන් දැන් අයි.එම්.එෆ් රූකඩලු. පිස්සු අවස්ථාවාදි මිනිස්සු.
තමුසෙලා රට බංකොලොත් කෙරුවේ නැත්නම්, ඔහොම ප්‍රශ්ණයක් නැහැ නේද?
IMF කියන ආකාරයට වැඩ නොකලොත් ආර්ථිකේ නැවත වැටෙනවා. කාට වුණත් ඡන්දයට කලින් කිව්ව විදිහට කරන්න බැහැ.. ලබන ඡන්දෙදී IMF කියන ආකාරයට වැඩ කරනවා කියන මනුස්සයෙක්ට ඡන්දෙ දෙන්න.
ඔයා රනිල්ගේ සහ මහින්ද රාජපක්‍ෂගේ රූකඩේ බව රටම දන්නවා... නමුත් ඔයාට ඒක දැනෙන්නේ නැහැ.
ඔය ආර්ථිකය ගැන කතා කරන්න යන්න එපා. ඔය ඒවා දන්නේ නැහැ. ආර්ථිකය ගැන කතා කිරීම හර්ෂට, එරාන්ට හෝ කබීර් භාර දීලා, ඔය දන්නා විෂය වන කැලේ ඉන්න අලි දුම්රියේ ගැටී මැරෙන හේතුව වැනි ඔයාට පුළුවන් මාතෘකාවක් ගැන කතා කරන්න. වෙන බහුභූත කතා කරන්න ගියොත් තිබෙන ඡන්ද ටිකත් කැඩෙනවා...