IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් වු සිසුන් දෙදනාගේ සිරුරු මහවැලි ජලාශයේ

( ෂේන් සෙනෙවිරත්න, ඩබ්ලිව් අසේල සහ ජේ.ඒ.එල් ජයසිංහ)

තැන්නේකුඹුර ප්‍රදේශයේදී අතුරුදන් වු බව කියන   පාසල් සිසුන් දෙදෙනාගේ මළ සිරුරු තැන්නේකුඹුර පාලමේ සිට කිලෝමීටර් 2 1/2ක් පමණ දුරින් ගුරුදෙණිය ප්‍රදේශයේ මහවැලි ජලාශයේ තිබී හමු වූ බව පොලිසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ කේ. ජගතීස් (14) සහ මොහොමඩ් මිල්හාන් (13) යන පාසල් සිසුන් දෙදෙනායි.

මොහොමඩ් මිල්හාන් සිසුවා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අතර ජගතීස් සිසුවා අනුවර ද්‍රවිඩ භාෂා පාසලක 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බව පවුලේ වැඩිහිටියෝ පවසති.

එම සිසුන් දෙදෙනා ඊයේ  (09)  සවස නිවෙස් වලින් පිටව ගොස් තිබූ අතර ඉතින් අනතුරුව ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් පොලිස් සහ නාවික හමුදා කිමිදුම් කරුවන් තැන්නේකුඹුර පාලම ආසන්නයේ සිට ඉන් පහළට වික්ටෝරියා ජලාශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුව මෙසේ ඔවුන්ගේ මළ සිරුරු හමුව තිබේ.

මියගිය කේ. ජගතීස් සිසුවාගේ මව වූ එම්. ඉන්ද්‍රාමනි මහත්මිය තම පුත්‍රයා සහ තවත් අයෙකු අතුරුදහන් වී ඇති බවට මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබූ අතර පසුව ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ ඇයගේ පුතා සහ මිතුරා විසිතුරු මත්ස්‍යයන් රැගෙන ඒම සඳහා හාරගම ප්‍රදේශයට යන බව පවසා නිවසෙන් පිටව ගිය බවයි.

එසේ නමුත් ප්‍රදේශවාසීන් මෙම සිසුන් දෙදෙනා තැන්නේකුඹුර පාලම අසල ගල් තලාවේ සිටින අයුරු දුටු බව ප්‍රකාශ වීමෙන් පසු වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

 

 



අදහස් (2)

අතුරුදන් වු සිසුන් දෙදනාගේ සිරුරු මහවැලි ජලාශයේ

Jagath Leanage Friday, 10 October 2025 05:18 PM

දෙමව්පියන් තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

:       0       17

Civilian Saturday, 11 October 2025 01:15 PM

ගගේ වතුර ඉතාම අඩුයි. ඒ නිසා බහින්න ඇති... ඒත් ඉතින් ජීවිත අවදානමේ වෙනසක් නෑ. වතුර මට්ටම අඩුවුණාට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 87 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 884 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site