
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12)පැවසීය.
දරු පරපුර මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමේ අනතුර ගැන සෑම විටම අසන්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා එය රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් අවසන් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බව සඳහන් කළේය.
"චිත්‍රය භයානකයි.මේ කළු ව්‍යාපාරය සෑම තැනකම අතු පතර විහිදවා පැතිර තිබෙනවා.පොලිසිය තුළ,හමුදාව තුළ,රේගුව තුළ ආදී ක්ෂේත්‍ර ගණනාවක මෙය පැතිර තිබෙනවා.
මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙනවා.විශාල ලෙස මුදල් සංසරණය වෙනවා. නිල හමුදා කඳවුරු වල තිබෙන ආයුධ පාතාලයට එනවා.අපට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් මෙය නොදැක්කා වගේ ඉදිරියට යාමයි.නැති නම් මීට එරෙහිව සටන් කිරීමයි. අප කළ යුතු වන්නේ කුමක්ද? තබන ලද පියවර කිසි ලෙසකින් ආපසු හරවන්නේ නැහැ.මේ රටේ මේ ව්‍යසනය අප අවසන් කළ යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුක දිසානායක මහතා මේ බව සඳහන් කළේ කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ උත්සවය අමතමිනි.
බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පමණි මත්ද්‍රව්‍ය උවදුර නැති කළ හැක්කේ. නොපමාව කරන්න උතුමාණනි . ඔබ නියම වීරයෙක්.
ඔයා දැන් මොනව කිව්වත් අපි විශ්වාස කරන්නෑ. මිනිහෙකුට මේ වගේ බොරු තොගයක් කියන්න බැහැ. හරිම පිළිකුල් සහගතයි.
ඔබ හරි ජනාධිපති තුමා , සනාගෙ මාමා දේශපාලකයෙක්. දේශපාලකයන්ට හොදට කෑමබීම දීපු කෙනෙක් ..
ඔබ හරි ජනාධිපති තුමා , සනාගෙ මාමා දේශපාලකයෙක්. දේශපාලකයන්ට හොදට කෑමබීම දීපු කෙනෙක් ..
හැම හන්දියකම කතා කරන්න එපා. දණ්ඩ නීති සංග්‍රහය හදිසියේ සංශෝධනය කර එය කරන්න. ඔබ කතා කරනවා මිසක් ඒක කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබ නිකම්ම නිකම් කතාකාරයෙක්.
හරිනේ ඉතින් . පචයා කියන්නේ පූවක්දණ්ඩවේ සනා ගැන වෙන්න ඇති