
(සුජිත් හේවාජුලිගේ)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධියට සම්බන්ධවූ නීතිඥවරයාගේ හැසිරීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ල පළ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඔහුගේ අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් හැටියට සලකන බව පැවසූ අමාත්‍යවරයා රාජකාරියට බාධා කර අධිකරණයට අගෞරවයක් ඇති කරමින් හැසිරුණු එම නීතිඥවරයා සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
නීතියට උඩින් කිසිවකු හෝ නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයකු සමග ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පොලිස් නිලධාරියාට අගතියක් වෙනවා නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිසිය බාර අමාත්‍යවරයා විදියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරන බවද ඔහු සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කරන බවයි.
මෙම අධිකරණ කටයුත්ත හෙට දින කැඳවෙන බවත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා මැදිහත්වී රජයේ නීතිඥවරයෙකුද සම්බන්ධ කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි අප පැතු වෙනස, ස්තුතියි විජේපාල මහත්තය
තුන්වන ලෝකයේ රටක මේක අලුත් දෙයක් නෙවෙයි. විනිසුරුවරයෙක් ජනප්‍රිය හැඟීම් අනුව තීන්දුවක් දෙනවා. නීතිඥයෙක් හිතන්නේ තමන් නීතියට ඉහළින් ඉන්නවා කියලා. ඇමතිවරයෙක් හිතන්නේ තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. රජයේ සේවකයෙක් හිතන්නේ තමන් වරප්‍රසාද ලත් කෙනෙක් කියලා. කෙටියෙන් කිවහොත්, තුන්වන ලෝකයේ රටක, සෑම කෙනෙකුටම වගකීමක්ස නැහැ. පුරවැසියන්ට කීකරු වීමට සහ ස්වාධීන නීතිය ක්‍රියාත්මක කිරීමට දැඩි රාජ්‍ය නීති සංග්‍රහයක් අවශ්‍යයි. සමහර විට, 2100 වන විට අපට ඒ තැනට එන්න පුළුවන්. ජවිපෙ පණ්ඩිතයන් "ලස්සන සහ පොහොසත් රටක්" ගැන කතා කරනවා, ඔවුන්ගේ ගෝලයන් ඉහළ තනතුරට පත් කිරීමේදී ගත් පළමු පියවර අපි දැක්කා. ඉතින්... රනිල්, මහහින්ද.. දේවල් කරන ආකාරය නැවත නැවතත් සිදුවෙනවා. එච්චරයි.
නීතිඥ ගුණරත්න වන්නිනායක rober
නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට
නිට්ටෑවෙක්ව මතක්වුනේ මට විතරද….?
අර ලෝයර් කාරයාව දැක්ක ගමන් නිට්ටෑවෙක්ව මතක් වුනේ මට විතරද….
ෂුවර් එකටම හිතාගෙන ඉන්න ඇත්තේ ආණ්ඩුව තාම උන්ගේ කියලා
රටේ අගතියට ඔය නීති ළදරුවන් අනියමින් උදව් කරනවා, ඔවුන්ගේ වෘතිය ඔවුන් විසින්ම කෙලෙස ගන්නවා. නීතිය මිසක් ඔය ළදරුවන් ලොක්කන් නෙමෙයි.
බත්කන හරක්ට ගිය රටක ඔයවගේ පොරවල් කියලා හිතාගෙන ඉන්න අපතයින් තව ඕනෑතරම් ඉන්නවා.
අධිකරණ භූමිය තුල පොලිස් කොස්තාපල්වරයෙකු නීතිඥවරයෙකුට පහර දේවි යයි අනුමාන කල නොහැක. ඒ කෙසේවෙතත් , පහරදීමක් සිදුවී තිබුණත් ජේෂ්ඨ නීතිඥවරයා අධිකරණ භූමිය තුල හැසිරුණු විලාෂයත් භාෂා විලාසයත් ඉතාමත් නින්දිතයි, අශෝභනීයයි.
ඵහෙමද?අපි හිතන්හිටියේ පොලීසියට වගේම ඵයාලටත් ජනපති බලතල දීලා කියලනේ.
ඒක තමා, එක දවසක් උසාවියේදී ලොකු ලොක්කෙක් ඔහුගේ රියදුරාට බූරුවා කියල ප්‍රසිද්ධියේ අපහාස කළා. අපට අහන්න ලැබුනේ ඒ මනුෂ්‍යයාට රැකියාව කරගෙන යන්න බැරි තත්වයක් ඇති වුනා කියල, මොකද අනෙත් නිකම්මුත් ඒ මනුෂ්‍යයාට බූරුවා කියල බුලි කරන්න ගත නිසා.
අසේල, ගුණරත්න වැනි අප්පුහාමි වගෙම තමයි වන්නිනායකලත් හිතාගෙන ඉන්නේ රටේ පාලනය රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලි වල පාලනය කාලයේදී සිදු උනා වගේ වහල් පාලනයක් තාම පවතින්නේ කියලා වෙන්න ඇති.
හැම දේකටම ඉබේ වගේ කට ඇරෙන අර නීතිඥ සංගමය මේ ලෝයර්ගෙ අයිය පාට් අනුමත කරනව ඇති. ඒකනේ නිහඬ.
මට වැඩියෙන්ම හිනාගියේ වන්නිලොක්ක පොර නීතිඥයා, අර පොලිස් පොඩ්ඩට ගංකබරයා කියපු වෙලාවේ.