
(අංජුල මහික වීරරත්න)
වතු ජනතාව සඳහා රුපියල් 1750ක දෛනික වැටුප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුලත ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12) පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවති උත්සවයේදීය.
ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් දෙදහසකට වැඩි පිරිසකට මෙහිදී නිවාස හිමිකම් ලබා දීම සිදු කෙරිණි.
"දිගු කාලක සිට දිනකට රුපියල් 1750ක වැටුපක් වතු ජනතාව විසින් ඉල්ලමින් සිටිනවා.අප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුලත ඒ හිමිකම ලබාදීමට කටයුතු කරනවා.
මලයගම් ජනතාවගේ කෘෂ භාවය, මන්දපෝෂණය , සෞඛ්‍ය අනාරක්ෂිත බව වැඩිපුර තියෙනවා.වතු ආශ්‍රිත රෝහල් රජයට පවරාගෙන වෛද්‍යවරුන් සහ පහසුකම් ලබාදීම ගැන අප අවධානය යොමු කර තිබෙනවා. ඔබේ සෞඛ්‍ය ගැන අයිතිය තියෙන්නේ කොම්පැනි වලට නොවෙයි රජයටයි යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු මීටිමක් තියලා වතුකරයේ රනිල් රාජපක්ෂ කිව්වා නේද වැටුප රු 1750 ට වැඩිකරනවා වහාම කියලා, මැතිවරණය ලං කරලා. මතක හැටියට සාගල කොල්ලත් එතැන හිටියා, කට ඇරියොත් රනිල් කෙලින්නේ පච. එදත් කිව්වේ බොරු අද කියන්නෙත් බොරු...
තේ දළු කිලෝවකට රු 350 ක සහතික මිලක් නියම කරලා වතු කම්කරුවන්ට රු 1750 වැටුප නොයාම කරන්න. නැතිනම් වෙන්නේ වතුකම්කරුවන් සියලන්ගේම රැකියා නැතිවීමයි මොකද වතු හිමියන්ට ගෙදරින්ගෙනත් කම්කරුවන්ට වැටුප් ගෙවනවාට වඩා වතු වහලා දැමීම ලාභදායි වන බැවිනි. මුලින්ම ඔය ඔලමොට්ටල අදහස් වලින් ප්‍රවේශම් වෙන්න.
මලයගම් කියන්නේ ඇයි. යුද්ධය පටන් අරන් ටිකක් කල් යනකොට උඩරට වතුකරයේ කොටසක් මලෙයිනාඩු කියලා වෙනම පාලනයක් ඉල්ලපු කාලයක් තිබුණා. මේ ඒ වගේ එකක්ද . මේ නම බොහොම මෑතක් වනතුරු අහලා නැති නිසයි මේ අහන්නේ.
කොහොම හරි නොවේ... පළාත් සභා නැතිව පඩි වැඩි කරන්න බෑ. ඒ නිසා අපිට පළාත් බලයත් දෙන්න යනුවෙන් නිවැරැදි විය යුතුයි...
දැන් බලයට ඇවිල්ලා අවුරුද්ද ගත උනා කෙරුව දෙයට වඩා නොකෙරුව දේ බොහොමයි, ජනතාව මේ ආණ්ඩුව දෙස බලාගෙන ඉන්නවා ! ආයේ වික්‍රමසිංහ රාජපක්ෂ ප්‍රේමදාස හොර කල්ලි වලට බලයට එන්න ඉඩ තියන්න එපා, එහෙම උනොත් ඒක අනුර කුමාර දිසානායක වන ඔබගේ නොහැකියාව අදක්ෂකම හා බෙලහීනතාවය වෙනවා.
ගිය අවුරුද්දෙත් දුන්න නේද? චන්දෙදි කිව්ව පට්ටපල් බොරු ටික ඇදගෙන මේ රටේ මීහරක් දුන්න 3/2ක්ම. දැන් කුම්බලා මාලු කෑව නම් දුක විදවපම් බලලෝ තමයි.ජීවන වියදම අදික වීම නිස 3 වේල කන්න මිනිස්සු පුදුම දුකක් විදින්නෙ.150 පෙට්‍රෝල්,33%න් විදුලි බිල අඩු කිරීම,ලක්ශ 125 වැගන් ආර් කාර්,විට්ස් එක ලක්ශ 12 ට නේද දෙන්නෙ???? ඉතිහාසයේ බිහිවූ දුර්වලම වැඩක් කල නොහැකි රජය මේක
ආණ්ඩුවෙන් වතු වලට සහනාධාර දීල පඩි වැඩි කරොත් එදා වේල කන්න අමාරු අපට අබ සරණයි. ආණ්ඩුව තව බදු නොගහ කොහොමද සහනාධාර දෙන්නේ.