
(ඉන්දික අරුණ කුමාර,රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ නිමල් ජයරත්න)
මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ගිනි අවි උණ්ඩ 1163ක් ඊයේ (12) සොයා ගත් බව නාඋල පොලිසිය පවසයි.
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය නිසා මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අඩුව ඇති අතර ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලුණු පුද්ගලයකු එම ජීව උණ්ඩ සහිත උරය දැක නාවුල පොලිසිය වෙත දැනුම් දී ඇත.
එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වූ නාවුල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම විසින් අදාළ උණ්ඩ සහිත උරය පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනයේදී අදාළ පතුරම් කවුරුන් විසින් කුමන දිනයක ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව අනාවරණය වී නොමැත. සොයාගත් උණ්ඩ අතර ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් සහ වෙනත් බර අවි සඳහා භාවිතයට ගැනෙන පතුරම් රැසක් ද එහි ඇති බව පොලිසිය පවසයි.
එම වර්ග හඳුනා ගැනීම සහ අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ තිබුණ හිල මතකද? අන්න ඒකෙන් ඔය කවුරුහරි ඇතුළත් කරන්න පුළුවන්...
උපුල්, මේව විහිළු නෙවෙයි. හැම තැනම හිල් තිබුණ නිසා තමයි ඔහොම උනේ, දැන් හිල් එකින් එක වැහෙනකොට මේව මතුවෙනව. දන්නතරමින් මේකෙ නම් හිල් නැහැ, හැබැයි උමා ඔයේ හිල් තිබුන, ඒවයින් ගෙවල් පුපුරපු, ජල මූලාශ්‍ර අහිමි ජනතාවක් ඉන්න බව පරණ පාරෙම කකා හිටපු උන්ට විහිළු , ඒකයි අවුල.