
(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් පුළුල් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම් ආරම්භ කර ඇත.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අදහසක් අනුව ආරම්භ කරන ලද මෙම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බව කාර්යංශය කියයි.
එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන මෙහෙයුම් පුළුල් කර තිබේ.
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112882228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදෙස් රැකියා වංචා අල්ලන දැල ලොකු කරයි