IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


තැපෑල ඇල්ලේ ඩොලර් හොයන වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

151 වන ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘති ද්විත්වයම තැපැල් දෙපාර්තමේන්තුවට  අදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වන අතර, මෙම ව්‍යාපෘති මගින් තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම් තත්ත්වය ඉහළ නංවාලීම ප්‍රමුඛ අරමුණ විය.

ශ්‍රී ලංකා තැපෑල මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනයට දායකත්වය සැපයීමක් ලෙස ද මෙම ව්‍යාපෘති හදුන්වා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කීය.

අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණ දීමට නව්‍යකරණය හා බැදුණු ධනාත්මක පරිවර්තනයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක නිවහනේ නාම පුවරුව විවෘත කිරීම, විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීම, විදේශීය සංචාරකයින් තිදෙනෙකු සහ දේශීය පාරිභෝගිකයින් සඳහා සමරු මුද්දර අලෙවිය, සංචාරක නිවාසයේ ප්‍රථම වෙන් කිරීම සිදු කිරීම ද  අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ සහභාගීත්වයෙන් මෙහි දී සිදූවිය.

 



අදහස් (0)

තැපෑල ඇල්ලේ ඩොලර් හොයන වැඩක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1586 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site