පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය. 09 February 2021
විග්නේෂ්වරන් ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 09 February 2021
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වදාකඩ නවරත්න කලුරිය කරයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු කවියකු සහ ගත් කතුවරයකුද වූ වදාකඩ නවරත්න මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය. 09 February 2021
එන්නත් ගැන කියන කටකතා විශ්වාස කරනු එපා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන කොරෝනා එන්නත පිළිබඳව අනියත බියක් හෝ සැකයක් හෝ තබාගැනීම අනවශ්‍ය බවත් ඉන්දියාවෙන් දුන් එන්නත ආරක්ෂාකාරී බවට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් දී තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 09 February 2021
අත්තනගල්ල ප්‍රා.ලේ. කාර්යාලයේ 5 කට කොරෝනා කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා ලද අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් වරයාගේ ආශ්‍රිතයින් සඳහා පවත්වන ලද පරීක්ෂණ වලින් එම කාර්යාලයේ නිලධාරීන් 5 දෙනෙකු කොරෝනා ආසාදිත බව අනාවරණය වූ බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 09 February 2021
ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට අයිතියක් නෑ ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වන බවත් ක්‍රිකට් පරිපලානයට ඇඟිලි ගැසීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 February 2021
මඩකලපුවේ-මාතලේ වසම් කිහිපයක අගුලු අරී මඩකලපුව සහ මාතලේ ග්‍රාම සේවා වසම් කිහිපයක් අද(09) උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 09 February 2021
මොරගහකන්ද කළුගඟ ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවයි පවත්නා කෝවිඩ්-19 වයිරස තත්ත්වය හමුවේ මහජනතාවගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නැවත දැනුම්දෙන තුරු මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි. 09 February 2021
වාලම්පුරියක් කෝටි දෙකකට විකුණන්න ගෙනෙද්දී අල්ලයි දුර්ලභ වර්ගයේ වාමාවෘත ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට විකිණීමට කොටුව ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 09 February 2021
බෝතලයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කරලා බලන්ගොඩ සිතගල ප්‍රදේශයේ පුද්ගලයකුට බෝතලයකින් ඇණ අද (08) රාත්‍රියේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 08 February 2021
අද කොරෝනා මරණ 9 යි : ආසාදිතයන් 878 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු අද (8 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 08 February 2021
කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (08) පැවති බව තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 08 February 2021
නිදහස් උළෙලට ආ වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ 8 කට කොරෝනා 73 වැනි නිදහස් සමරුම් උත්සවයට සහභාගි වී සිටි වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ භටයන් 8 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයන් වශයෙන් අද (8) හදුනාගත් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි. 08 February 2021
ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු රෝහලට ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් සිවිල් ආරක්ෂක භටයකු හුස්මගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මින් ටික වේලාවකට පෙර රෝහල් ගතකර තිබේ. 08 February 2021
නෑනා පැහැරගෙන මරා දැමීමට තැත් කළ මස්සිනා අත්අඩංගුවට තම බිරිඳගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඇයගේ නැගණිය බියවද්දා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කර මරා දැමීමට සූදානම් වූ හිටපු හමුදා සෙබලෙක් ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය 24 ක් තුළදී අද (08) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 08 February 2021
බාලවයස්කාර දැරිය අපහරණය කළ හුංගම කට්ටඩියා අල්ලයි වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මන්ත්‍ර ගුරුකම් ආදිය සිදුකරන කට්ටඬියෙකු බව කියන පුද්ගලයෙකු අද (08) හාලිඇල පොලීසිය මගින් හාලිඇල උඩකොහොවිල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 08 February 2021
මංගලෝත්සවයේ මනාල යුවළ ඇතුළු 136 කට කොරෝනා අඹන්පොල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 21 දින පැවති මංගල සාදයකින් පසු මනාලයා හා මනාලිය ඇතුළු 136 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 08 February 2021
වවුනියාවේ එළවළු තොග වෙළඳපොළ යළි අරී පවතින කොරෝනා වසංගත උවදුර හමුවේ වසා දැමුණු වවුනියාව එළවළු තොග අලෙවි වෙළදපොළේ කටයුතු අද(08) සිට යළිත් ආරම්භ කර තිබේ. 08 February 2021
කිරි ගොවි ණය මුදල ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්න අගමැති උපදෙස් කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(08) උපදෙස් දුන්නේය. 08 February 2021
තවත් සිවිල් ආරක්ෂක භටයන් 35 කට කොරෝනා අම්පාර පහළලන්ද සිවිල් ආරක්ෂක කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි භටයින් 35 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 08 February 2021
මධ්‍යම අධිවේගය ඉදිකරන භූමියේ ඇති කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයකට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්ලිව්. කේ කොඩිතුවක්කු මහතා ලංකාදීපයට පැවැසීය. 08 February 2021
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක් වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 900 ක් සහ දීමනාවක් වශයෙන් රු. 100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව අද (08) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසීය. 08 February 2021
කල්බදු මුදල් අඩුකිරීමට විදෙස් ගුවන් සමාගම් එකඟ වේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල්බදු පහසුකම් යටතේ ගුවන් යානා ලබාදී ඇති සමාගම් එම කල්බදු මුදල අඩුකිරීමට එකඟතාව පළකර ඇත. 08 February 2021
සමඟ ජන බලවේගයට නව ආසන සංවිධායකවරු 107 ක් සමගි ජන බලවේගය පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් 107 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අට දෙනෙකු අද (08) පත් කරනු ලදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙයට අදාළ පත්වීම් ලිපි ප්රදානය තලවතුගොදී සිදු කෙරිණ. 08 February 2021
රූමස්සල රක්ෂිතය මැදින් පාරක් කපන්න දෙන්නේ නෑ “අපි රූමස්සල ජෛව විවිධත්වයට හානි වන අයුරින් රක්ෂිතය මැදින් පාරක් කැපීමට ඉඩ දෙන්නේ නැහැ” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පැවසීය. 08 February 2021
චීන එන්නතත් මේ සතියේදී ලංකාවට චීනයේ නිපදවූ සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මේ සතිය අවසානය වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 08 February 2021
අවුරුදු 30-60 අතර අයට කොරෝනා මර්දන එන්නත මාර්තුවේදී මාර්තු 1වැනිදා සිට අවුරුදු 30 සිට 60 දක්වා වයස්වල සිටින සියලු පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 08 February 2021
කෑගල්ල මහ රෝහලට පීසීආර් යන්ත්‍රයක්-රසායනාගාරයක් කෑගල්ල මහ රෝහල සදහා රුපියල් මිලියන 284ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්රදානය කිරීම සහ අංග සමිපුර්ණ රසායනාගාරයක් විවෘත කිරීම අද(08) සිදුකෙරිණි. 08 February 2021
වන්නිලැත්තෝ - පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මඟට මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර 5000 අධික ඉඩම් ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම් වලට ලබා දීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණයට හමුවේ රිට් පෙත්සම් ගොනු කර ඇත. 08 February 2021
මහින්දානන්දගේ නඩුවේ තීන්දුව 25 වැනිදා වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගෙන් අද (08) දැනුම් දුන්නේය. 08 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026