කොරෝනාවෙන් වැඩිම මරණ වයස 40ට වැඩි අය කොරෝනා රෝගයෙන් මෙතෙක් මියගොස් සිටින 608 දෙනා අතුරින් 570 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 16 April 2021
‘‘ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න‘‘ පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබෙිදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දුන්නේය. 16 April 2021
අපේ පලතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් , ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ යැයි ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පවසයි. 16 April 2021
හිසතෙල් ගෑමේ නැකත හෙට පෙරවරු 07.16ට මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වේ. 16 April 2021
වෘත්තිය සමිති පොටකට එන හැඩ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි වෘත්තිය සමිතිවල අවධානය යොමු වී ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි. 16 April 2021
2000 මුල්දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි විස්ඩන් සඟරාව 2000 මුල් දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. 16 April 2021
රන්ජන්ගෙ සුවදුක් සොයන්න නාමල් බන්ධනාගාරයට සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) සවස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 16 April 2021
මහබැංකුවෙන් අපනයනකරුවන්ට නියෝගයක් අපනයනය මගින් උපයන මුදලින් සියයට 10ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය යුතු යැයි ශ්‍රී ලංකා මහබැංකුව අපනයනකරුවන්ට නියෝගයක් පනවා තිබේ. 16 April 2021
රුපියල ගණන් උස්සයි ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉකුත් දිනවල පහළ ගිය ශ්‍රී ලංකා රුපියල අද (16) තරමක වර්ධනයක් පෙන්නුම් කළේය. 16 April 2021
තොටමුණ මෝයෙන් හිසක් හා වම් පාදයක කොටසක් නිල්වලා ගඟේ මාතර තොටමුණ මෝයකට ආසන්නයේ පාවෙමින් තිබු මිනිස් හිසක් හා වම් පාදයක කොටසක් අද (16) සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 16 April 2021
චීන ආරක්ෂක ඇමැති මේ මස අගදී ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. 16 April 2021
පන්දු යවන්නාගේ තෙල වැඩිවේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම වමතින් පාදඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියට ශරීරයේ මේද මට්ටම වැඩි වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. 16 April 2021
විදුලි පණිවිඩ කුඹුරට බෙදලා බෙදාහැරීමට නියමිත විදුලි පණිවිඩ විශාල ප්‍රමාණයක් සහිත බෑගයක් වැලිගම බටවල පිටිදූව ප්‍රදේශයේ කුඹුරු යායකට විසිකර දමා තිබියදී අද (16 ) උදැසන හමු වූ බව ගැමියෝ කියති. 16 April 2021
ඇඳ ඇතිරිල්ලෙන් කුඩු මතුවෙයි බූස්ස බන්ධනාගාරයේ විශේෂ රැඳවුම් අංශයට රැගෙන එනු ලැබූ රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලක තිබි මත්පෙති බවට සැක කෙරෙන පෙති වර්ගයක් සොයාගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 16 April 2021
ලාංකික කතුන් 41 හේතුවක් නැතිව රඳවාගෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රියාද් නුවර අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටි. 16 April 2021
බස් - ත්‍රිරෝද රථ ගැටී අයෙක් මරුට:දෙකකට තුවාල කුලියාපිටිය සිට කුරුණෑගල බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයක් නාරම්මල දංගොල්ල මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නාරම්මල පොලිසිය කියයි 16 April 2021
පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි යාපනය - පේදුරුතුඩුව පාරේ වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් යටකර පලායාමට උත්සාහ කළ කැබ් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 April 2021
නැකතට පැළ සිටුවයි මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අභිනව නැකැත් චාරිත්‍රයක් වශයෙන් ජාතික රුක්රෝපණ නැකතක් ඇතුළත් කර තිබූ අතර අද (16) පෙරවරු 6.40ට එම නැකට යෙදී තිබිණි. 16 April 2021
හීන් ගඟේ විනෝද වීමට ගිය 13ක් අනූ නවයෙන් බේරෙති මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට මැදිව සිටිය දී පැය හතක මෙහෙයුමකින් පසු බේරාගත් බව පොලිසිය කියයි. 16 April 2021
මත්පැන් සාදය අවමඟුලක් වෙයි ගලෙන්බිඳුණුවැව පඬිකාරමුල්ලේ රත්මල්වැටිය ගම්මානයේ නිවෙසක අලුත් අවුරද්ද වෙනුවෙන් පැවැත් වූ මත්පැන් සාදයකට සහභාගී වූ තිදෙනකුගෙන් දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 April 2021
අකුණු සැර වැදී ගොවියෝ තුනක් මරුට මුලතිව් තන්නිමුරුක්කු ප්‍රදේශයේ වෙල්යායකදී අකුණු සැර වැදී ගොවියන් තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි මුලතිව් පොලිසිය කියයි. 16 April 2021
ආච්චිගෙ රෙද්දෙන් කුඩු මතු වෙයි හෙරොයින් මත් කුඩු පැකට් විසිහතක් යට සායේ සගවාගෙන ගිය ආච්චි අම්මකු බටපොළ දෙල්ගහබැද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි. 16 April 2021
වත්තලින් අයිස් කිලෝ දෙකහමාරක් අල්ලයි වත්තල හුණුපිටිය ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් කෝටි දෙක හමාරකට අධික වීදි වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තරුණයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 16 April 2021
බස්නාහිරට,දකුණට පෙරවරු කාලයෙත් වැසි මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 April 2021
මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට්ටුව නිකුත් වෙයි ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. 16 April 2021
යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 16 April 2021
නාය යෑමේ අවදානම් තැන් ගැන කියයි පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 April 2021
කන්දකැටිය අනතුරින් අයෙක් මරුට:12ක් රෝහලට කන්දකැටිය බෝපිටිය ප්‍රදේශයේදී අද (15) සවස වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් කුඩා දරුවන් පස් දෙනකු ඇතුලු 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 15 April 2021
දුම්රිය ගමන් වාර රැසක් අද - හෙට කොට උඩ දුම්රිය රියදුරන් හා නියාමකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් හෙට (16) දිනයේදීත් දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 15 April 2021
අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හත තුළ රුපියල් කෝටි 21 කට (රුපියල් මිලියන 210.33) අධික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමණාකරණ වැඩබලන අධ්යක්ෂ නිහාල් ලොඩිවික් මහතා පැවසීය. 15 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026