
(අමදෝරු අමරජීව)
1987 වර්ෂයේ ඉන්දීය සාම සාධක හමුදාවේ ලුතිතන්වරයකු ලෙස කටයුතු කළ ඉන්දියාවේ වත්මන් යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා ලුතිතන්වරයකු ලෙස ඔහු මෙරට සේවය කළ ත්‍රිකුණාමලය හතර කණුව කඳවුර තිබූ ස්ථානය දැක බලා ගැනීමට අද පැමිණියේය.
ඔහු සේවය කළ එම කඳවුර පිළිබඳව ඔහු සමග ආ සෙසු නිලධාරීනට පැහැදිලි කළ ඉන්දීය යුද හමුදාපතිවරයා එක් අවස්ථාවක කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් මැඩ පැවැත් වූ අයුරු මෙහිදී සිහිපත් කළේය.
ඊට අමතරව ත්‍රිකුණාමලය දිසාපති නිල නිවස තිබූ ස්ථානයේ එකළ ඉන්දීය කඳවුරක් පිහිටුවා තිබූ බවත් එම ස්ථානය ද ඉන්දීය යුද හමුදාපතිවරයා නිරීක්ෂණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ඔයගොල්ලන්ට කොටි ත්රස්තයින්ව පරද්දන්න බැරි වුණා. ඔන්න එ්කට අපේ රණවිරුවන් සාර්ථකව වැඩේ කළා. දැන්වත් කොහොමද යුද්ධය දිනන්නේ කොහොමද කියලා අපේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ගෙන් ඉගෙන ගන්න...
කොටි පරාජය කරන්න. ජාත්‍යන්තරයෙන් ආපු බලවේගවලට නොබියව මුහුණ දුන් හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් අමතක කරන්න එපා. ඒ වගේම වර්තමාන ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රිවිද හමුදාවම අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි..