(සුජිත් හේවාජුලිගේ )
අලි ඇතුන් 109 දෙනකු රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක් මෙතෙක් ලියාපදිංචි කර නැති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
අලි ඇතුන් ලියාපදිංචි කිරීම නීතිමය ගැටලුවක් නිසා තවකාලිකව නතරවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අලි ඇතුන් 109 දෙනකු රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක් මෙතෙක් ලියාපදිංචි කර නැති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම අලි ඇතුන් 109 දෙනා අතර පරම්පරාවෙන් පරම්පරාවට හිමිවූ සතුන් මෙන්ම විවිධ ක්‍රමවලට කැලෑවලින් අල්ලාගෙන ආ සතුන්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පැවැසු රාජ්‍ය ඇමැතිවරයා ගෘහාශ්‍රිතව ඇති දැඩි කළ අලින් තිදෙනකු පසුගිය කාලයේදී මියගොස් ඇතැයිද පැවසුවේය.
තමන් සතුව පවතින අලි ඇතුන් තමන්ට සාධාරණව හිමිවූ බවට ඒ සතුන්ගේ හිමිකරුවන් අදාළ ලියාපදිංචිකිරීම් කටයුතුවලදී ඉදිරියේදී ඔප්පු කළ යුතු බව විමලවීර දිසානායක මහතා කීවේය.
මේ අතර අලි ඇතුන් ලියාපදිංචියට අදාළ අලි පොතේ සටහන් කොටසක් කලකට පෙර අතුරුදන්වීමේ සිද්ධිය ගැන අදාළ නිලධාරීන්ගෙන් තමා කරුණු විමසා ඇති බවත් එම නැතිවූ කොටස සොයා ගැනීමට තවදුරටත් උත්සාහයක් දරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
කෙසේ වෙතත් සම්පූර්ණ අලි පොත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විට හපන එකයි, රටක් පාලනය කරන එකයි වැඩ දෙකක් මහත්තයෝ.... එ්ක තේරුම් අරගෙන වැඩ කළොත් හොඳයි...
මේ ප්‍රශ්න විසඳන්න නම් අද පටන් පුද්ගලයන්ට සහ පන්සල් වලට අලි පැටව් ළඟ තබා ගන්න දෙන්න ,බලපත්‍ර අහෝසි කරන්න
හත්පොලේ ගාගන්න වීඩියෝ එකක් තිබුනෙ අන්තර්ජාලයෙ. අනේ මෙහෙමත් හරක්.....