
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතනයක ආදායම් තත්වය වර්ධනය කිරීමත් දූෂණ අක්‍රමිකතා අවම කිරීමත් සඳහා ගත ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවකට පවරා ඇත.
එසේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,සමෘද්ධි දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.
ඉදිරි අයවැයේදී මෙම ආයතනවලට මුදල් වෙන් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් පූර්ව අදහසක් ලබා ගැනීම එම වාර්තාව කැඳවීමේ අරමුණ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් මේ ආයතන සේරම ඉවරයි. අවදියෙන් ඉන්න. රාත්‍රී කාලයේ සද්ද නැතුව විකුණලා දාවි...
අනේ ඇත්තටම... කප් ගහපු හොරුනේ..., දූෂණ, මුදල් අක්‍රමිකතා හොයන්න වාර්තා ඉල්ලන රටකනේ අපි මේ ජීවත් වෙන්නේ. මේවාට ඉතින් කොහෙන් හිනා වෙන්නද මන්දා..? කඹුරපල්ලා තව හොඳට මේ හොර, තක්කඩි පරම්පරාවට...
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ .ජනවහරේ එන යෙදුම අලුත් කරන්න වෙයි වගේ.
පවුලේ ඇත්තන්ගෙන්ම පටන් ගන්නනේ තිබුණේ... දූෂණ, අක්‍රමිකතා අතින් එයාලා නම් දරාපු උදවිය කියලා ලෝකෙම දන්නවා. තවත් මොනවාද?
විදුලි සංදේශ නියාමනය යනු සංඛ්‍යාත සඳහාද? සියලුම විදුලි සන්නිවේදන සේවා භාවිතා කරන මහජනතාවගෙන්ද විශාල ලෙස අයකිරීම් කරන ආයතනයයි. මොවුන්ගේ වැඩපිළිවෙල නිසා ලංකාවේ විදුලි සංදේශ කටයුතු සඳහා විශාල ගෙවීම් කිරීමට පාරිභෝගිකයාට සිදුවී ඇත. කොවිඩ් නිසා මෙම සේවා පරිභෝජනයද ඉතා විශාල ලෙස වැඩිවී ඇත. පාරිභෝගිකයාට සහනයක් දීම සඳහා මෙම නියාමක කොමිසමෙන් මොනවද කරන්නේ?... කොමිසමේ ලොක්කන්ට සහ සේවකයින්ට විශාල පඩි නම් ගෙවනවා...
සාමාන්‍ය පෙළ සමතෙක් වාර්තා කැඳවයි... ඉන්න හිතෙන රටක්...
අම්මෝ වාර්තාව ඉල්ලපු පුද්ගලයා දැක්කාම හීන යනවා. හිඟන්නාගේ පාන් කෑල්ලෙන් ගන්න බදු සල්ලිත් හොරකම් කරන අය... ලැජ්ජයි.
වාහන ලියාපදිංචි කිරීම, මාරුකිරීම රියදුරු බලපත්‍ර ගැනීම අලුත් කිරීම සඳහා ගාස්තු වැඩිකිරීම දුරකථන ගාස්තු ඉහළ දැමීම තල්මසුන් අතහැර කූනිස්සන්ට ආදායම් බදු පැනවීම අනිවාර්යයෙන් සිදුවන බවට ඉඟියක් කියලා හිතෙනවා...