(සුජිත් හේවාජුලිගේ )

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන අද (15) ආරම්භ විය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත ලබා ගැනීමට සිටින උසස් පෙළ   සිසුන් සංඛ්‍යාව   24,000කි.

එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු  බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප හතරට අයත් පාසල් දරුවන්ට  එන්නත ලබාදීම  පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා සිදු කෙරේ.

 

කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් හතරක  එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

* කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාලය  එම පාසල්ය.

එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය මෙසේය:

සාන්ත බෙනඩික් විද්‍යාලයට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

* සාන්ත බෙනඩික් විද්‍යාලය

* යහපත් එඩේරාගේ කන්‍යාරාමය

* යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)

* කුමාර කණිෂ්ඨ විද්‍යාලය

 

විවේකානන්ද විද්‍යාලයට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

* කනපති විද්‍යාලය

* වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය

* විවේකානන්ද විද්‍යාලය

* අල් හකීම් විද්‍යාලය

* මැද කොළඹ හින්දු විද්‍යාලය

 

මේ අතර කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි.

මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක  එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

 

ඒ අනුව හෝමාගම කලාපයේ,

* හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

* මහින්ද රාජපක්ෂ විද්‍යාලය - පිටිපන

* දීපංගොඩ මහා විද්‍යාලය

* සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක

* සීතාවක මධ්‍ය මහා විද්‍යාලය

* මායාදුන්න මහා විද්‍යාලය

 

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන

* මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

* කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

* පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

* බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

 

මොරටු මහා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

* මෙතෝදිස්ත උසස් විද්‍යාලය

* අර්ෆත් මුස්ලිම් විද්‍යාලය

* ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

 

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය 

* එස් ද එස් ජයසිංහ විද්‍යාලය

* ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය

* නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය

* ඇලීතියා විද්‍යාලය. 

 

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

* ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය

* ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

 

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන

* මාලබේ රාහුල බාලිකා විද්‍යාලය

* මහරගම මධ්‍ය මහා විද්‍යාලය

* අංගොඩ රාහුල විද්‍යාලය

* නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යා 

 


(ඡායාරූප: ශාන්ත රත්නායක)

සාන්ත බෙනඩික් විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලය


(ඡායාරූප: ගයාන් අමරසේකර)

තර්ස්ටන් විද්‍යාලය

කොළඹ විශාඛා විද්‍යාලය