
(මහින්ද නිශ්ශංක)
පෞද්ගලික ආනයනකරුවකු පාකිස්තානයෙන් ආනයනය කළ බව කියන භාස්මතී සහල් කන්ටෙනර් 40ක් පරික්ෂාවට ලක් කළ සෞඛ්‍ය අංශ එම සහල් කෑමට නුසුදුසු මට්ටම පවතින බවට තහවුරු කරගෙන ඇත.
මෙම සහල් තොගය සම්බන්ධයෙන් සැක සිතූ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආහාර පාලන ඒකකය මගින් මේවා පරික්ෂාවට ලක් කර ඇති අතර එහි කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බව ද සෞඛ්‍ය අංශ තහවුුරු කරයි.
එම කන්ටේනර්වලින් කන්ටේනර් 9ක් රැගෙන ගොස් වත්තල ප්‍රදේශයේ ගබඩාවක සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒවා පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ ආකාරයේ කල් ඉකුත් වූ සහල් තොට වරායේ ඇත්දැයි සොයා බලන බවද සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සහල් තොග අලෙවිය සඳහා රැගෙන එන්නට ඇතැයි සැකකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කකුල් දෙකේ සත්තුන්ට මනුස්සයින් කන වර්ගයේ සහල් ගෙනත් දෙන්න කියලාද කියන්නේ? සත්ව ආහාර මනුස්සයින්ට දෙන්නේ නැති බවවත් දන්නේ නැද්ද? ඩඩ්ලි මහත්තයාගේ හාල් ඇලජික් වෙලා රසට බත් කන්නනේ මේ බත් කන හරක් උඩ බලාගෙන හිටියේ... දැන් ඉතින් කාපල්ලා ගුල්ලෝ ගහපු බාස්මතී කිරිබත්...
එම සහල් තොගය වරායෙන් සහ මුද්‍රාතබන ලද ගබඩාවෙන් පිටකිරීමට ප්‍රථම භූමිතෙල් කලවම්කර හෝ විනාශ කිරීම නුවණට හුරුයි.. නැතිනම් නැවත වෙළඳපළට පැමිණිය හැකියි.
මොලේ තියන බල්ලෙක්වත් ඔය රටවලින් හාල් තියා බෙහෙතක්වත් ගෙන්වන්නේ නෑ
ගොඩක් යුරෝපයේ රටවල තියෙන්නේ ඉන්දීය, පාකිස්තාන්, තුර්කි සහල්. වෙනස තියෙන්නේ මෙහෙ පරීක්ෂණ කරන්නේ රේගුව සහ අනෙකුත් ආයතන එකහා සමානව එකතු වෙලා. ඒ වගේම ෆේල් වෙන කිසිම ආහාරයක් රට ඇතුළට ගන්න කිසිම දේශපාලුවෙක් බලපැම් කරන්නේ නැහැ...
සහල් මෝල් හිමියන් මට්ටු කරන්න පසුගියදා ගෙනා හාල් වලටත් වෙන්නේ ඔය ටිකමයි වියතුනේ...