(යොහාන් භාසුර)
සිල්ලර වෙළදාමට නිකුත් නොකර පිටකොටුව තොග වෙළෙඳපොලේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය සිය බාරයට ගත්තේය.
සීනි පාලන මිලට වඩා වැඩි මිලකට අළෙවි කරන බවට ලැබුණු පැමිණිවලට අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අද පිටකොටුව තොග වෙළෙඳපොලේ විමර්ශනයක් කළ අතර එහිදී පාලන මිලට වඩා වැඩි මිලට සීනි අළෙවි කළ වෙළෙදුන් 10 දෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ පියවර ගත්හ.
පාලන මිලට වඩා වැඩි මිලට සීනි අළෙවි නොකරන ලෙස එහිදී පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ සෙසු තොග වෙළෙදුන්ට අවවාද කළහ.
සීනි තොග පාලන මිලට වඩා වැඩිවීම හේතුවෙන් සිල්ලර වෙළෙදුන් සීනි අළෙවිය නතර කිරීම නිසා මේ වන විට සීනි හිඟයක් නිර්මාණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd