(නිමන්ති රණසිංහ)

දෙදෙනක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙක් කාණුවකට තල්ලු කිරීමෙන් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පුද්ගලයෙක් තුවාල ලබා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

කාණුවට වැටුණු පුද්ගලයාගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි ද වාර්තා වේ .

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු හැත්තෑ එකක් වන ධීවර කාර්යාලවත්ත, මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මෙම සිදුවීමේ සැකකරු වයස අවුරුදු 26 ක අයකු වන අතර මේ වන විට  පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (15) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇතැයි පොලීසිය සඳහන් කරයි.