ස්විට්සර්ලන්තය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර ගිවිසුමක් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවබෝධතා ගිවිසුමක්, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් මහතා (Raoul Imbach) අතර ගිවිසුමක් අස්සන් කරනු ලැබ ඇත. 09 September 2021
රට විවෘත කරන අයුරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම යම් පාලනයක් වු පසු රට දැඩි සෞඛ්‍යමය කොන්දේසි යටතේ විවෘත කිරීමට හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පවසයි. 09 September 2021
බේරුවල මත්කුඩු සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ ව පොලිසිය මගහරිමින් සිටි ප්‍රධාන සැකකරුවකු වන කළුදුර චමින්ද තාබ්‍රෙව් හෙවත් ’’බොබ්මාලි’’ (41) නැමැත්තා ඇල්පිටිය නගරයට ආසන්න නිවසක කැටපළ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (9) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි . 09 September 2021
බහිරවයින් ගිල්ල ජන වසම ඉඩම් ගැන හොයන්න අධිබල කමිටුවක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම සහ අනවසරයෙන් අල්ලා ගැනිමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පූර්ණ බලැති කමිටුවක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 09 September 2021
ගම්පහ මාර්ග 15ක් අලුත් වෙයි ගම්පහ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය තිබෙන මාර්ග සියල්ලක්ම කඩිනමින් පුළුල් කරන්නැයි මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ය. 09 September 2021
‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අල්ලයි හිටපු ප්‍රධාන පෙළේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ගෝලයකු වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී කොටවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 September 2021
‘සහල් ව්‍යාපාරිකයින්ගේ අභියෝගවලට අපි ළඟ උත්තර තියෙනවා’ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (9) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 09 September 2021
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 09 September 2021
ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් තහනම් කරමින් ගැසට්ටුවක් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග තවත් 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 September 2021
කෝටි දෙකක අයිස් සමග තරුණයා දැලේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සංචරණ සීමා උල්ලංගණය කරමින් ජාවාරම් කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයකු කැලණිය වණවාසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ 8 අත්අඩංගුවට ගෙන ඇත. 09 September 2021
ජනප්‍රිය ගායක නුවන් සහ ඔහුගේ පුත් ගයාන්ට කොරෝනා ජනප්‍රිය ගායක දෙපලක් වන නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 09 September 2021
‘‘සංචාරකයන් සඳහා පැනවූ මාර්ගෝප දේශ ලිහිල් කරන්න‘‘ සංචාරකයින් සඳහා පවතින කොවිඩ් මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරන්නැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 09 September 2021
මහ බැංකුවේ මුල් පුටුවට ගැන කබ්රාල්ගේ මතය. මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 09 September 2021
අද කාලගුණ තත්ත්වය සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වලත් මහුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 September 2021
තෙවන එන්නත් මාත්‍රාවක් ගැන සාකච්ඡා මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් තෙවන මත්රාවක් ලබාදීමේ අවශ්‍යතාව තව මාස දෙක තුනක් තුළ ඇතිවන බවත් මේ වන විට ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන් බවත් රිජ්වේ ආර්යයා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 09 September 2021
වාද්දූවේ දෙමහල් නිවෙසක ගින්නක් වාද්දුව, වේරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය කියයි . 08 September 2021
අපේ විරුවන් දෙදෙනකුට ඉන්දුනීසියාවෙන් ශිෂ්‍යත්ව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව හිමිකර ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේය 08 September 2021
සීනි කිලෝ ලක්ෂ 40ක් පෑලියගොඩින් අල්ලයි වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩා තුනකින් සඟවා තිබූ සීනි මෙටි්රක්ටොන් 4000 ක් හෙවත් කිලෝ ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාල සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ අද සමත් වූහ. 08 September 2021
අසාදිතයන් තවත් 648 වර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 648 දෙනකු අද(8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
කොරෝනා මරණ 185ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 185 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 September 2021
පොලිසියේ තුනක් දින හතර කෝවිඩ්වලින් මරුට කොව්ඩ් ආසදිතවී දින හතරක් තුළ පොලිස් සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2021
විසඳුම් වෙනුවට ගුරු - විදුහල්පතිවරුන් බය කරන්න උත්සාහ කරනවා වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති. 08 September 2021
දත්ත මැකුවාට විධායක නිලධාරි අත්අඩංගුවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින් කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය. 08 September 2021
පොළොන්නරුවෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රජයේ බාරයට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා අද පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත්තේය . 08 September 2021
“අගමැති පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීම් කර නැහැ“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ නිරතවන සංචාරය අතරතුර වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැදැකීමට වැඩසටහනක් යොදාගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. 08 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,269ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,269 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 08 September 2021
රෝහල් ඇඳන් 11000කට ඔක්සිජන් පහසුකම් දීමේ ව්‍යාපෘතියක් රජයේ රෝහල්වල ඇඳන් 11000ක ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් ඇති කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි. 08 September 2021
පැරාලිම්පික් විරුවෝ අගමැති හමුවෙති ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (8) හමුවූහ. 08 September 2021
ජපානය ජේ.ආර්.සමරයි ජපානයට සාමය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා කළ මෙහෙවර අගයමින් ජපන් ජාතීහු ගුණසමරු උත්සවයක් පැවැත්වූහ. 08 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026