
(අංජුල මහික වීරරත්න)
මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බව කෘෂිකර්ම අධ්යක්ෂවරයා නිර්දේශ කර තිබෙන බවද අමාත්‍යාංශය පවසයි.
ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර නොවෙි යැයි පළවන කරුණු වැරදි බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පවසන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවයි. මෙි නිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවද මහාචාර්ය වී.අයි.යාපා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න හිතුණාම කබරයත්, තලගොයා වෙනවා…!
කාබනික නමින් අහිංසකයන් රැවටිල්ල... කාබනික ලුණුත් නොගෙනෙන මිනිස්සු නොවෙයි මෙයාලා... පොටෑසියම් ක්ලෝරයිඩ් යනු ශරීරයේ ද්‍රව සහ ලේ පරිමාව පාලනය කිරීමට ඉතා අවශ්‍ය ද්‍රවයකි. එය රුධිර පීඩනය අඩුකිරීමටත්, හෘද රෝග අඩුකිරීමටත් බලපායි. මෙය අයිතිවන්නේ අකාබනික රසායනික කුලයට. එය මෙයාලගේ වචනයෙන් කියනවා නම් රසායනික පොහොරකි. (සියලුම පොහොර වර්ග රසායනික වේ). අපි කණ ලුණු, සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් වලට වඩා ශරීරයට අහිතකරයි. වැඩි වුණොත් අධික රුධිර පීඩනය, හෘද රෝග ඇතිවේ. එහෙනම් ඔක්කෝටම ඉස්සෙල්ලා කාබනික ලුණු ගේන්න වේවි. ඇයි මෙම නම ඉස්සරහින් කාබනික කෑල්ල දැම්මේ... ඕකට කියන්නේ උද්දච්ඡකම කියලා. නොදන්නා කාබනිකයක් ගැන මිනිස්සු රවටලා දැන් බයයි.. රසායනික කෑල්ලවත් ගෑවෙනවට...
කාබනික පොහොර නොව කණිජ පොහොර...
අම්මේ මූණේ තියෙන පින්පාට...!!!
මෙයාගේ මුහුණත් කොම්පෝස්ට් වෙච්චි කාබනික මුහුණක්... අනේ අම්මපා මොවුන් මොකට ඉපදුණාද?
මේ මිනිස්සුන්ට අඩුම තරමේ නහින දෙහින කාලේවත් බොරු නොකියා ඉන්න බැරිද?
මෙයා මේ තටම තටමා කියන්න යන්නේ කාබනික පොහොරවලට පොටෑසියම් ක්ලෝරයිඩ් කවලම් කරපු පොහොර ගෙනාවේ කියලා නේද? පොටෑසියම් ක්ලෝරයිඩ් යනු ලුණු, ජලය, කෝස්ටික් සෝඩා වැනි අකාබනික රසායනික සංයෝගයක්. මෙය කාබනික දෙයක් ලෙස හඳුන්වනවා නම් ඔහු රසායන විද්‍යාව පිළිබඳ නොදන්නා කෙනෙක් වියයුතුයි. මෙය ලැජ්ජාවිය යුතු දෙයක් නොවේ. නමුත් මෝඩකම මෙය ප්‍රසිද්ධියේ කීමයි...
මේ මහපොළවෙන් හාරන ඛනිජවල බැර ලොහ නොමැති බවට ඇමැතිතුමා තහවුරු කරනවාද? රසායනික පොහොර වල තිබුණු ප්‍රධාන ගැටලුව ඒකනේ. පොටෑසියම් ක්ලොරයිඩ් KCl , නැත්නම් මියුරේට් ඔෆ් පොටෑෂ් කියන්නෙත් දෙකම එකයි. එතකොට කලින් රසායනික පොහොර විදියට දුන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා නේද? නම මාරු කළාම කාබනික වෙනවද? කවුද මේ රවටන්නේ? තමුන්නැහැලා වගේ අයත් එහෙයියන් කියන සා පෙළ සමත් නැති ඇමතිවරුත් රැවටෙයි ඕවාට..
හුටා..! මෙයත් කඩේ යනවා...
ආනයනය කරන ලද පොහොර පිළිබඳව අප පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන අතර කරුණාකර මෙම කරුණ පැහැදිලි කරන්න. සමහර උගත් මහාචාර්යවරුන්ට අනුව පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) අකාබනික ය!
අපි, උගත් අය කිසිවක් නොදන්නා අතර සඳහන් පොහොර අකාබනික නම් අපව නොමඟ යවන්න එපා!
මෙතන කොමෙන්ට්ස් වල ගොඩක් අය හොඳ පැහැදිලි කිරීම් කරලා තියෙනවා, හැබැයි එක්කෙනෙක් මෝඩ අදහසක් දාල
අර්තාපල් කාබනේට් කාබනික ද අකාබනිකද යන්න ගැටළුවක්
කරුණාකර ගොවියන් දන්නා කියන පොහොර වර්ගයක් ඔවුන්ට ලබා දීලා ගොවිතැන කරගෙන යන්න අරින්න.
කාබනික ග්ල්යිෆොසෙට් කාබනික බෙන්සීන් හෙක්සාක්ලොරයිඩ් එහෙමත් ගෙන්නන්න
කවුද මේ ලොක්කා..? මෙයා දන්න මගුලක් නෑ. කාබනික නොවන රසායනික ද්‍රව්‍ය කියන්නේ කෘතිම නිෂ්පාදන නොවේ... මහපොළවෙන් ගන්න කාබන් මූලද්‍රව්‍යයට සම්බන්ධ නැති මූලද්‍රව්‍ය සහ සංයෝගවලට... මෙයා මොන ඉස්කෝලෙකට ගියාද මම දන්නේ නැහැ. කාබන් වලට සම්බන්ධ නැති ද්‍රව්‍යයකට කාබනික කියන්න බෑ..
පොටෑසියම් ක්ලොරයිඩ් (KCl) ස්වාභාවිකව ඇති වුවද එහි දියවන ද්‍රාව්‍යතාවය, ඉහළ විශ්ලේෂණය සහ ක්ලෝරයිඩ් ප්‍රතිශතය වැඩිවීම නිසා එය කාබනික පොහොරක් නොවේ...
එප්පාවල ෆොස්පේට් ඛනිජ නිධිවලින් ගත් නිසා ඒවා කාබනික ලෙස නම් කිරීම වැරදියි. ඛනිජ නිධිවලින් ගන්න දේවල් කාබනික ලෙස හඳුන්වන්නේ නම්, යකඩත් පොළොවෙන් ගන්නා නිධිවලින් නිස්සාරණය කරන නිසා ඒවාත් කාබනික ලෙස නම් කරන්න පුළුවනි. කාබනික පොහොර ලෙස සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ කොළ රොඩු, කෑම අපද්‍රව්‍ය, සත්ව අපද්‍රව්‍ය ගොම වැනි දෑ එකට දිරාපත් වීමෙන් ලැබෙන පොහොරයි. ඒකයි කාබනික පොහොර ආනයනය කරනවිට තිබිය හැකි බැක්ටීරියා.., වෛරස් වර්ග ගැන තදින්ම සොයාබැලිය යුත්තේ. එසේ ලබාගත් පොහොරවලට අවශ්‍ය නම් පමණක් මදි පාඩුවට රසායනික සංයෝගත් යොදන්න පුළුවන්... කාබනික පොහොර නිපයීම සඳහා දීර්ඝ කාලයක් යන අතර විශාල ජෛව ස්කන්ධයක්ද අවශ්‍යයි. විවිධාකාරයේ කර්මාන්ත අප ද්‍රව්‍යවල ඉතා විෂදායක දෑ තිබිය හැකි හෙයින් ඒවා එකතු කළයුතුද නැත. විවිධ කෙස් පැලෙන තර්ක ගෙනඒමෙන් මිථ්‍යාව ඔස්සේ යාම වැරැදියි. මේවා සමග සෙල්ලම් කිරීමෙන් රටට කොතරම් පාඩු සිදුවනවාද? ඒකයි ගහෙන් ගෙඩි එන්නා සේ එක පාරටම කාබනික පොහොර වලට 100%ක් මාරුවිය නොහැක්කේ...
මහාචාර්යවරයෙක් වුවත් ආණ්ඩුව කියන කියන විදිහට නැමෙනවා වගේ...
මෙතුමාත් කාබනික පොහොර මුට්ටියක් වගේ...!!!
අපි ඉගෙනගෙන තියෙන රසායන විද්‍යාව අනුව ස්වභාවිකව පවතින්නේ පොටෑසියම් යන මූලද්‍රව්‍යය හා ක්ලෝරයිඩ් අයන වශයෙනි. මේ දෙක රසායනිකව සංයෝග කර පොටෑසියම් ක්ලෝරයිඩ් නිපදවයි. එවිට එය රසායනික සංයෝගයකි.
දාපල්ලකෝ ඔය දෙන එකක්...