
(රෝෂන් තුෂාර)
වෙළඳපොළ වටිනාකම රුපියල් 445.00 ව තිබියදී, සුදුලූණු කිලෝවක් රුපියල් 135 කට ව්‍යාපාරිකයන්ට අලෙවි කර රජයට රුපියල් එක්කෝටි දාහත් ලක්ෂ හැත්තෑදාස් දෙසිය පනහක(11770250) පාඩුවක් කළේ යයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සතොස හිටපු නිලධාරියකු ඇතුළු තිදෙනකු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා අද නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා සතොස ලිමිටඩ් හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකාර සිරිනිමල් ප්‍රනාන්දු,ව්‍යාපාරික කමල කුමාර් සහ තැරැව්කරුවකු උපාලි ආරියවංශ සැකකරුවන් මෙසේ ඇපමතය මුදා හැරිනි.
එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද නියෝග කළේය.
අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ වරායේ තිබියදී රාජ සන්තක කළ සුදුලූණු කිලෝග්‍රෑම් 54860 ක් ජනතාවට අඩු මිලට අලෙවි කරන ලෙසට කැබිනට් අනුමැතියක් ද තිබියදී,එම උපදෙස්වලට පිටින් යමින් අත්තනෝමතිකව මෙම පාඩුව සිදු කර ඇති බවය.
සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
වරායේ තිබෙන නිස්කාශනය නොකළ බහාලුම් වරාය අධිකාරිය මගින් රාජසන්තක කරනවා.එසේ රාජ සන්තකකළ ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීමට හැකිව තිබෙනම් වෙන්දේසි කරනු ලබන අතර භාවිතයට ගත නොහැකි භාණ්ඩ විනාශ කරනවා.
සිද්ධියට අදාළ සුදුලූණු කන්ටේනර් දෙකක් මිනිස් පාරිභෝජනයට සුදුසු බැවින් ජනතාවට අඩු මිලට අලෙවි කරන ලෙසට හිටපු වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය ඇමති රෝහිත අබයගුණවර්ධන මහතා විසින් කැබිනට් අනුමැතියක් 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී ලබාගෙන තිබෙනවා.
මේ අවස්ථාව වන විට වෙළඳපොලේ සුදුලූණු කිලෝවක් රුපියල් 445 ක්,කැබිනට් අනුමැතිය අනුව එය සාධාරණ මිලකට සතොස හරහා ජනතාවට ලබාදීම කළ යුතුයි. නමුත් මීට සම්බන්ධ වන සතොස නිලධාරීන් ජනතාවට ලබා නොදී කිලෝවක් රුපියල් 135 කට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්ට ලබා දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරුවන් නම දෙනකුට එරෙහිව වැලිසර උසාවියේ පැමිණිල්ලක් ගොනු කළා. පසුව එම කටයුත්ත නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අප කොමිසමට පැවරීමෙන් අනතුරුව මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිතිය ඉගෙන ගෙන කෑ හැබැයි මගේ දැනුම හැටියට මේතන වරදවල් 2ක් වෙලා තියෙනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු මිනිස්සුන්ට දිමට අනුමත කිරීම 2 වෙනි වරද අඩු මූදලකට ව්‍යාපාරිකයින්ට ලබාදීම...
අල්ලස් කොමිෂම කරුණු දක්වමින් කියා සිටියේ " හිටපු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් 2021 ඔක්තෝබර් මාසයේදී කැබිනට් අනුමැතියකින් මෙම රාජසන්ත කළ සුදූලූණු සතොස හරහා සහනදායී මිළකට ජනතාවට ලබා දීමට උපදෙස් දී ඇති බවයි " . පසුගිය ආණ්ඩු වල මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ එකින් එක නිදොස් කොට නිදහස් වෙන කාලයයි.
කිසිම හිරිකිතයක් නැති මේ වගේ ලැජ්ජා නැති වැඩකරන අයට නීතියෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුව ඇත. අනිවාර්යයෙන්ම හිරගෙදරට යැවිය යුතුයි.