
(ඩී.ජි.සුගතපාල)
මාතර බන්ධනාගාරයේ සිරකරුවකු අද සවස බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ නිති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනිම සම්න්ධයෙන් වරදකරුවි සිර දඩුවම් ලබා සිටි පානදුර කුරුප්පුමුල්ල පදිංචි කරුවෙකි.
ඔහු අද සවස බන්ධනාගාර අධිකාරිවරයාගේ නිල නිවසේ සේවයේ යොදවා සිටියදි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඇත.
මෙම සිරකරුවාගේ යහපත් හැසිරිම නිසා මෙවර නිදහස් දිනයේ නිදහස් කිරිමට නියමිත සිටි බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ අගය හිර වෙලා ඉන්නකොට තමයි හොඳටම දැනෙන්නේ. වැරදි වැඩ නොකර හිටියනම් මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ.
කළින්ම නිදහස් වෙන්න හිතන්න ඇති. ඒකනේ කළින්ම යන්න ඇත්තේ.
කළින්ම අත්සන් කරලා නිදහස් වෙන්න ඇති.
ලොකු වරදක් කරපු කෙනෙක් නොවන හින්දා කමක් නැහැ.
යහපත් හැසිරීමක් තියෙන හින්දම කළින් නිදහස් වෙලා යන්න ඇති.
අයියෝ තව සතියක් හිරේ ඉන්න බැරි වුණාද?