( තිළිණි ද සිල්වා )
ඉදිරි දෙවසරක කාලය තුළ දිවයින පුරා නව අපනයන කලාප 14 ක් ස්ථාපිත කරන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (15) පැවසීය.
නව අපනයන ආර්ථිකයකට රට යොමු කරමින් මෙරට අපනයන කලාප ප්‍රමාණය දෙගුණ කිරීම යටතේ මෙම නව අපනයන කලාප පිහිටුවන් බවත් , ඒ සදහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන හා අනුමැතීන් මේ වන විටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඒ අනුව ඖෂධ නිෂ්පාදනය සදහා ඔයාමඩු,හම්බන්තොට හා මිල්ලනිය නව ආයෝජන කලාප තුනක් ද , නව තොරතුරු තාක්ෂණ සේවා වෙනුවෙන් සූරියවැව, හේනගම, කුණ්ඩසාලේ ප්‍රදේශ ආයෝජන කලාප තුනක් ද, එරවුර් හී රෙදිපිළි නිෂ්පාදන ආයෝජන කලාපයක්ද, කෘෂි නිෂ්පාදන අපනයනය කලාපය සදහා ආරබොක්ක ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ද , රාබර් ආශ්රිත නිෂ්පාදන අපනයන කලාපයක් මිල්ලනිය හා බිංගිරිය ප්‍රදේශයේද මෙම නව ආයෝජන කලාප ඉදිවන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කීවේය.
මෙතෙක් පැවති ආයෝජන කලාප ප්‍රමාණය දෙගුණ කරමින්, නිෂ්පාදන හා අපනයනය ක්‍රියාවලිය නව දිශානතියකට ගමන් කරවීම රජයේ අපේක්ෂාව වන බවත්, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමත්, මෙරට ආනයනය වියදම පහල නැංවිම එමගින් අපේක්ෂා කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම නව ආයෝජන කලාප ඇති කිරීම තුලින් සියළු අංශයන්හි දිගු කාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා අපනයනය කරන්නද?
තියෙන ඒවායේ වැඩ කරන්න ඕන පුහුණු ශ්‍රමිකයින් ඔක්කෝම රටහැර යනවා. දියවන්නාවේ 225 ගියොත් අතුගාන්න, තේ හදන්නවත් පුලුවන්ද දන්නේ නෑ.
අපනයන අවස්ථාවන් බලන්න නේද කෙන්යාවට ගියේ...?
ඕවා කරලා ඉවර වෙලාම කයිවාරු ගැහුවොත් නෙමෙයිද හොඳ? දේශපාලකයෝ කරනවැයි කියපු හැම දෙයක්ම කාලා නම් අද මේ රට තියෙන්නේ කොතැනද?
දක්ෂකම අපූරුයි. මේ අය විසින් අඩාල කළ අපනයන අතර තේ ප්‍රධානයි... මල් කර්මාන්තය, එළවළු අපනයනයත් මේ අතර වේ... මේ ගොල්ලන් නිසා වහල් 69 ලක්ෂයේ සෙනගින් කොටසකුත් එතෙර ගියේ ලඟින්ම හිටි කිහිප දෙනාගේ හැර, අනෙකුත් ව්‍යාපාර බොහොමයක් බංකොළොත් වූ නිසයි. ට්‍රයල් ඇන්ඩ් එරර් ක්රමයේ පාලනයකට කියාපු ඇත්තෝ...
මට මතක හැටියට තමුන්නාන්සේ හෝ තමුන්ගේ අතිජාත මිත්‍රයා වන දෙවිනුවර දේවාලේ නිලමේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිකම කලා නේද? දැන් ඒවා සරුවට ඇති නේද? තිබුණු කර්මාන්ත හෙංචයියලා දාලා කාබාසිනියා කරලා දැන් බිංදුවෙන් පටන්ගන්නද හදන්නේ..? මම කියන්නම් ඕවායේ ලොකු තැන්වලට තමුන්නැහැලාගේ උග්‍ර පාක්ෂිකයින් දාන්න. නියමෙට කරගෙන යාවි. වසරක් පාසා අයවැයෙන් කාබාසිනියා අරමුදල කියලා ඕවාට ගාණක් වෙන්කරලා ඒකත් බදු ගෙවන අපේ කරටම ගතහැකියි එතකොට...
තමුන්නැහැලා සුරපුරය මවනවා කිව්වත් අපි නොවේ විශ්වාස කරන්නේ... මොකද ඒක තමුන්නැහැලාට කරන්න බැරි මගුල්...
වැඩකරලා කතාකරන්න. නිකන් බයිලා ගහනවා. ඇපත් නැතිව තමයි ගෙදර යන්න වෙන්නේ...
වත්මන් දේශපාලකයින්ගේ සුරංගනා කතා...
දැනට කරපුවා ගැන කියන්න බලන්න.