(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 2500ක  අල්ලසක් ගනිද්දී  අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කලුතර දකුණ , හොලික්‍රෝස් වටරවුම අසලදී ආදායම් බලපත්‍රය කල් ඉකුත්වීම නිසා අත්අඩංගුවට ගත් යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිට ඇති බවත් , අද දහවල් පොලිසිය තුළදී රුපියල් 2500 ක් ලබා ගනිද්දී උප පොලිස් පරීක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට විශ්‍රාම යාමට ඇත්තේ තවත තෙමසක් බව ද දැන ගන්නට ඇත.